පාසල් 50කට සුහුරු පන්ති
- 2016-10-01 01:29:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉදිරි වසර කිහිපයේදී ශ්‍රී ලංකාවේ තෝරාගත් පාසල් 50ක සුහුරු (ස්මාර්ට්) පන්තිකාමර ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පවසයි.
ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය වෙනුවෙන් කොළඹ පැවති ජාත්‍යන්තර තොරතුරු සමුළුව අමතමින් ඔහු මේ බව කීවේය. නවීන තාක්ෂණය පාසල් සිසුවාගේ සිට ආරම්භ කළ යුතු බවත් පාසල් විෂය පද්ධති පරිගණක ගතකරමින් සුහුරු පන්තිකාමර බිහිකිරීම අරඹා ඇති බවත් ලේකම්වරයා කිවේය.
ගමට තොරතුරු තාක්ෂණය ලබාදීම සදහා 11,000ක් පමණ වන පාසල් පරිගණක විද්‍යාගාර භාවිතා කරන බවත් සවස 6.00 දක්වා එම විද්‍යාගාර විවෘතව තබා වැඩිහිටියන්ට පරිගණක අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් හෙට්ටිආරච්චි මහතා කීවේය.
පාසල් පන්තිකාමර සුහුරු පන්තිකාමර බවට පත්කිරීමේ විශාලම ගැටළුව වී ඇත්තේ විෂය පද්ධති පරිගණක මෘදුකාංගවලින් නිපදවා නොතිබීම බැවින් ඒ කාර්යය දැනටම ආරම්භ කර ඇති බව අධ්‍යාපන ලේකම්වරයා කීය.(සජීව විජේවීර-ලංකාදීප)
Reply To:
Name - Reply Comment
0 Comments