පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සහෝදරිය හා සහෝදරයා වෙනුවෙන් ලක්ෂ 827ක් හෙවූ ඩේවිඩ්
- 2019-12-23 16:58:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සිය සහෝදරයා සහ සහෝදරිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරිම වෙනුවෙන් එංගන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල සිසුවෙක් ස්ටර්ලින් පවුම් 350,000 (ලක්ෂ 827ක්) ක් රැස් කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වන ඩේවිඩ් ලින්සි පැවසුවේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොළඹ ජාතික රෝහලට ගෙන ආ රෝගීන්ගෙන් රෝහල පිරි ගිය බවයි.
“සමහර විට [රෝහලට] වඩා හොඳ දේවල් තිබුණා නම් මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබුණා.” යැයි 22 හැවිරිදි වේවිඩ් පවසයි.මේ වන විට වේවිඩ් සිය ආර්ථික විද්‍යා උපාධිය හදෑරීම පසෙක තබා සමාජ සුබ සාධන කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකරයි.
ඩේවිඩ්ගේ සහෝදරයා වන ඩැනියෙල් (19) සහ සහෝදරිය වන 15 හැවිරිදි ඇමීලි කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයට එල්ල වූ පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය.
තම සහෝදරයා හා සහෝදරිය වෙනුවෙන් ඔහු එක්සත් රාජධානියේ ඇමීලි සහ ඩැනියෙල් ලින්සි පදනම පිහිටුවා ගත් අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයද දායකත්වය ලබාදෙයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඔහු අවස්ථාව දෙකකදී ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබේ.
මීට පෙර ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී රෝහල් නවයකට රෝගීන් මාරු ට්‍රොලි ඇඳන් සියයක් පරිත්‍යාග කිරිමට කටයුතු කළේය.
ඩේවිඩ් ලින්සි වමේ
Reply To:
Name - Reply Comment
0 Comments