Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

BBC:Sinhala පාසැල් දරුවන්ගේ දිවා විවේක කාලය දීර්ඝ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් රජයෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබේ.

අනාගත පරපුර නිරෝගී ජනතාවක් බවට පත්කර ගැනීම සඳහා මෙය අත්‍යවශ්‍යයෙන්ම කළයුතුව ඇති බව එම වෛද්‍ය කණ්ඩායමේ සාමාජික ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසුරිය පැවසුවේ බීබීසීයේ එස් එල් සෙනෙහෙධීර සමග සාකච්ඡාවකට එක්වෙමින්.

පාසැල් දරුවන්ට ශාරීරික ව්‍යායාම සඳහා ලැබෙන අවස්ථාව ඉතා අල්ප බව පෙන්වා දෙන වෛද්‍යවරිය පාසැල් විෂය මාලාව මගින් දරුවන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් වැඩි කෙරෙන අන්දමට විෂය මාලාවේ නව සංශෝධන මගින් හෝ අවස්ථාවක් ලබා නොදුනහොත් සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් බිහිකර ගැනීමට නොහැකිවනු ඇති බවයි පවසන්නේ.

එබැවින් පාසැල් ළමුන්ගේ දිවා විවේකය පැයක කාලයක් දක්වා දීර්ඝ කිරීම හෝ අවම වශයෙන් කෑම ගැනීම සඳහා අමතර කාලයක් ලබා දීම පිලිබඳ සලකා බලන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පාසැල් සෞඛ්‍ය පිලිබඳ පර්යේෂණ කණ්ඩායම විසින් රජයට යෝජනා කර ඇත්තේ.

වෛද්‍යාචාරිනී අයේෂා ලොකුබාලසුරිය සමග පැවති සාකච්ඡාවට ඉහත හඬ පටයෙන් සවන් දිය හැකියි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.