පැළ මිලියන 50ක් සිටුවීමේ වැඩසටහනක්
- 2016-10-05 08:41:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙරට වන වැස්ම හෙක්ටයාර් ලක්ෂයකින් වැඩි කිරීම සඳහා පැළ මිලියන 50 ක් සිටුවීමේ වැඩසටහනක් ආරම්භකරන බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම් උදය සෙනවිරත්න මහතා ප්‍රකාශකළේය.
මේඅනුව ඉදිරි වසරේදී සෑම ගම්මානයකම සහ සෑම ආයතනයකම පැළ තවාන් ආරම්භකිරීමට කටයුතු කළ යුතු බවත්, ඒවෙනුවෙන් ප්‍රජාව උනන්දු කළ යුතු බවත් සෙනවිරත්න මහතා පැවසීය.
එලෙස ලබාගන්නා පැළ වනවැස්ම අවම වී ඇති ස්ථානවල සිටුවීමට කටයුතු කරන අතර, විශේෂයෙන් කදු ආශ්‍රිතව සහ වෙරළ ආශ්‍රිතව මෙම පැළ සිටුවීමට බලාපොරොත්තුවන බවද උදය සෙනවිරත්න මහතා ප්‍රකාශකළේය.
වනරෝපා ජාතික රුක්රෝපණ වැඩසටහන මේවනවිට ආරම්භකර ඇති අතර, මේයටතේ හරිත වතු තුරුවියන්, ක්ෂේම භූමි සංරක්ෂණය, ආරාම රෝපා ආදී වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රුක්රෝපණයට දිරිගන්වන බවද හෙතෙම මෙහිදී ප්‍රකාශකළේය.
Reply To:
Name - Reply Comment
0 Comments