පිරිවෙන් සංවර්ධනයට රජයේ අවධානය
- 2017-04-09 15:02:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පිරිවෙන් ආශ්‍රිතව ගුණාත්මක පරිවර්තනයන් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවාධානය යොමුව තිබේ. ඒ අනුව පිරිවෙන් අධ්‍යාපන ශාඛාව විසින් ‘ඵල සපිරි පිරිවෙන්’ නමින් ව්‍යාපෘතියක් හඳුන්වා දී ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ව්‍යාපෘතිය හරහා පිරිවෙන්වල භෞතික හා මානව සම්පත් ඵලදායිතා සංකල්ප හා බැඳුණු පිළිගත් ප්‍රමිතියකට අනුව සංවර්ධනය කිරීමට අපේක්ෂිතය.
මේ සදහා මූලාරම්භයක් ලෙස තෝරාගත් පිරිවෙන් 55 ක පරිවේණාධිපති හිමිවරුන් සහ විෂය උපදේශකවරුන් සදහා ඵලදායිතා සංකල්ප හා ඒවා ක්‍රියාවට නැංවීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments