Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පිළිකා රෝගය පිළිබඳ ඕනෑම තොරතුරක්  ලබාගැනීමට හෝ පිළිකාවෙන් වැළකීමට කළ යුතු දෑ පිළිබඳ තොරතුරු ලබාගත හැකි, ඕනෑම මොහොතක ඇමතිය හැකි උපදේශන සේවාවක් අද (27දා) සිට ආරම්භ කර ඇතැයි අද පුවත්පත වාර්තා කරයි.
පිළිකාවක් වැලඳුණු අයෙකුට ඇති වන ශාරීරික, මානසික තත්ත්වයන් මෙන්ම වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාර පිළිබඳවද සහාය වීම අරමුණු කරගත් 'පිළිකා සරණ උපකාරක ඇමතුම' නම් වන මෙම ක්ෂණික ඇමතුම් සේවාව අරඹනුයේ කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ පිළිකා සරණ සංගමය එක්ව දැරූ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසිනි. 
පිළිකා සරණ උපකාරක ක්‍ෂණික ඇමතුම් සේවාවේ අංකය  011 2 363 211 වන අතර, ඒ අනුව අද (26දා) පෙ.ව 11.45 ට මහරගම අපේක්ෂා රෝහල අසල අංක 45/B යන ස්ථානයේදී එම සේවාව කථානායක කරු ජයසූරිය, සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න, පසුගියදා පිළිකා රෝගයෙන් මියගිය ඉන්දිරා ජයසූරිය මහත්මියගේ සැමියා වන බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර් යන මහත්වරුන්ගේ සහ පිළිකා  සරණ සංගමයේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙය ක්‍රියාත්මක වේ.
අදියර 03කින් යුත් ව්‍යපෘතියක  පළමු අදියර ලෙස ‘පිළිකා සරණ ඇමතුම් සේවය දියත් වන අතර, කාන්තාවන්ට ඇතිවිය හැකි පියයුරු පිළිකා අවදානම පරීක්ෂා කිරීමේ ජංගම පරීක්ෂණාගාර සේවයද, පිළිකා රෝගය වැලඳුණු  දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දිරා ජයසූරිය ළමා සත්කාරක සේවාවද ඉදිරි දිනවලදී ආරම්භ කිරීමට  කටයුතු  යොදා තිබේ. 

"පිළිකා සරණ" උපකාරක අනතුරු සේවාව 011-2363211 යන දුරකථන අංකය ඔස්සේ ක්‍රියාත්මක වෙයි.

(අද පුවත්පත)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.