Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පිළිකා රෝගීන්ට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරීම සඳහා "කයිරුඩා” නමින් ඖෂධයක් ඇමරිකා එක්සත් ජනපදය නිෂ්පාදනය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එමගින් පිළිකාව නිෂ්පාදනය කරන ජානයට ප්‍රතිකාර කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ඊයේ (29) අරලියගහ මන්දිරයේ පැවැති සුව සේවා පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයේ දී ය.

බෝනොවන රෝග අතුරින් පිළිකා රෝගය දෙවන ස්ථානයට පැමිණ තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තව වසර කිහිපයක් යනවිට පිළිකාව ප්‍රථම ස්ථානයට පත් වනු ඇතැයි ද සඳහන් කළේය.

ඇමරිකාව විසින් ජාන තාක්ෂණය භාවිත කර ප්‍රතිකාර කිරීමෙන් පිළිකා රෝගීන් සුවපත් වන අතර ඖෂධ කර්මාන්තය ලොකු අර්බුධයකට ලක් වන බවත් ටැබිසුමාට් වැනි පිළිකා ඖෂධ නැති විය හැකි අතර මෙවැනි නූතන වෛද්‍ය විද්‍යාව හදාරන විශේෂඥ වෛද්‍යවරුන්  බිහි කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජාන තාක්ෂණය භාවිත කරමින් වෛද්‍ය ප්‍රතිකාර කළ හැකි වෛද්‍යවරු 07 ක් සිටින අතර ඔවුන් ලබන අගහරුවාදා කැඳවා වෙනම ඒකකයක් ස්ථාපිත කර ප්‍රතිකාර ක්‍රම ආරම්භ කරන බව ද සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.