පුත්තලමේ කසල රඳවනයේ වැඩ සැප්තැම්බරයේ
- 2017-06-26 14:28:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුත්තලම, අරුවක්කාලු ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සනීපාරක්‍ෂක කසල රඳවනයේ කටයුතු ලබන සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එය තවත් මීතොටමුල්ලක් නොව ජාතික සම්පත් කලාපයක් වනු ඇති බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
දොම්පේ ප‍්‍රදේශයේ දැනට ක‍්‍රියාත්මක වන සනීපාරක්‍ෂක කසල රඳවනයේ ඇති තාක්‍ෂණයම යොදා ගනිමින් ඉදිකරන මෙම කසල රඳවනයෙන් කිසිම පාරිසරික බලපෑමක් ඇති නොවන බව කී අමාත්‍යවරයා දැන් හෝ මෙම ගැටලූව විසඳීම සඳහා විරෝධතා නොකර අවස්ථාවක් ලබාදෙන ලෙස සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටින බව ද පැවසීය.
2019 වසරේදී මෙයට කසල බැහැරකිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීවේය.
තම අමාත්‍යාංශයට කසල පිළිබඳ වගකීමක් නොමැති වුවත් රටේ අවශ්‍යතාව සලකා මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බව කී අමාත්‍යවරයා විරෝධතා එල්ල වුවහොත් එය අත්හැර දමන බව ද පැවසීය.
(ඩයනා උදයංගනී) ලංකාදීප ඇසුරිනි
Reply To:
Name - Reply Comment
0 Comments