පුස්කොළ පොත් සංරක්ෂණය කෙරේ
- 2017-05-08 11:43:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයින පුරා විහාරස්ථාවල පවතින පුස්කොළ පොත් සංරක්ෂණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබේ.
ඒ පිළිබඳව සාකච්ඡාවක්ද පසුගියදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පූජ්‍ය අාචාර්ය අකුරටියේ නන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ප්‍රධානීන්ගේද සහභාගීත්වයෙන් පවත්වා තිබේ.
විහාරස්ථානවල මෙන්ම පාරම්පරික දේශීය වෛද්‍යවරුන් සතුව පවතින ජාතික වැදගත්කමකින් යුතු සියලු පුස්කොළ පොත් එම ස්ථානවලම මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම සඳහා පුළුල් වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අවධානය යොමුව තිබේ.
ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ නියෝජිතයන්ගේ අදහස් හා යෝජනාද මෙහිදී විමසා තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments