Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කළ බවට වන පෙරහැර සංදේශය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද (08) පස්වරුවේ මහනුවර ජනපති මන්දිරියේ දී සිදු කෙරිණ. ඉන් අනතුරුව ඇසළ පෙරහැර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත්කෙරිණ

හෙළයේ විචිත්‍රවත් කලා මංග්‍යයලා සැලකෙන මහනුවර ඇසළ පෙරහැරේ අවසන් දවල් පෙරහර අද පස්වරු12.40 ට උතුරු දිශාභිමුඛව මහනුවර ගණදෙවි කෝවිළ අභියසින් ගමන් ආරම්භ කරයි.නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිව් මහ දේවාළ පෙරහැර කටුකැලේ වීදිය,දළදා වීදිය,ඊ.එල් සේනානායක වීදිය,කන්දේ වීදිය ඔස්සේ ඩී.එස් සේනානායක වීදියේ මංසන්ධියට පැමිණෙයි.අස්ගිරිය ගෙඩිගේ විහාරයෙන් පස්වරු 2.45 ගමන් ආරම්භ කරන දළදා මාලිගාවේ පෙරහැරට හා සතර මහ දේවාළ පෙරහැර නගර සභා මංසන්ධියේදී එක්ව ඩී.එස් සේනානායක වීදිය,පන්සල පාර ඔස්සේ දේව වීදියෙන් රජ වීදියට හැරී මාලිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදර්ශිනා කොට පස්වරු 4.35 ට ‍ගෙවැදිණි.

ගැටඹේ තොටේ දී දිය කැපීමෙන් අනතුරුව පැවැත්වෙන දවහල් පෙරහැර මාලිගාව වෙත ගෙවදීමෙන් පසු අලි ඇතුන් සහිත කෙටි පෙරහැරකින් මහනුවර ජනපති මන්දිරයට ගමන්කර පෙරහැර සංදේශය ජනපතිවරයා වෙත බාරදෙන ලදී.

අනතුරුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය විචිත්‍රවත් කිරීම සඳහා දායකත්වය ලබාදුන් ශිල්පීන් සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සම්මාන, සහතික හා මුදල් ත්‍යාග පිරිනැමීම පෙරහැර සමාප්ති උත්සවයේ දී සිදු කෙරිණ.

(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

20708003_10155398361246327_8564270952096611772_n (1) 20663755_10155398360651327_7000165820842822475_n 20638430_10155398360661327_5122660964977833846_n 20622037_10155398360586327_7563059597262917266_n

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.