Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කෘත්‍රිම කඩදාසි යොදාගනිමින් මුද්‍රණය කළ හත ශ්‍රේණිය භූගෝලීය විද්‍යා පෙළ පොත සෞඛ්‍යාරක්ෂිත නොවන බවට පැතිර ප්‍රකාශ අසත්‍ය බවත්  එම ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම මේ වසරේ සිට එම පෙළපොත් 150000ක් පමණ සිසුන්ට බෙදා දුන් බවත් මෙතෙක් ඒ දක්වා කිසිඳු පැමිණිල්ලක් සිසුන්ගෙන් හෝ ගුරුවරුන්ගෙන් නොලැබුණ බවද  එහි සඳහන් වෙයි.

එසේම මේ සඳහා යොදාගත් පොලිප්‍රොප්ලින් කඩදාසි සඳහා SGS සහතිකය ලබාගෙන ඇති බවත් කාර්මික තාක්ෂණික ආයතනය විසින් කරනු ලැබූ පරීක්ෂණවලදී එම පෙළපොත්හි කිසිඳු ආකාරයක බැර ලෝහ වර්ගයක් හෝ විෂ රසායනික ද්‍රව්‍යක් අඩංගු බවට හෙළිවී නොමැති බවත් සඳහන් වෙයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි,

පසුගිය කාලවකවානුවල සිදු වූ බරපතළ ස්වභාවික ව්‍යයසන හේතුවෙන් පාසල් දරුවන්ගේ පෙළ පොත් විනාශ වීම නිසා ඔවුහු බරපතළ අපහසුතාවන්ට පත් වූහ. ඉන් අනතුරුව එවැනි තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි  පෙළ පොත් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු විය. එසේම දැනට ඕෆ්සෙට් ක්‍රමයට මුද්‍රණය කරනු ලබන භූගෝල විද්‍යා පොත්වල මුද්‍රිත සිතියම්වල තත්ත්වය ද  ඉතා දුර්වල මට්ටමක පවතියි. මෙම පෙළපොත්වල සිතියම් ආශ්‍රිතව සහ වර්ණ ආශ්‍රයෙන් ප්‍රශ්න ගොඩනැගෙන බැවින් ඉතා නිවැරදි සිතියම් හා වර්ණ මුද්‍රණය වී තිබීම අත්‍යවශ්‍ය මෙන්ම ඉතා වැදගත් කරුණකි.  එමෙන්ම ඕෆ්සෙට් මුද්‍රණ පොත් සාපේක්ෂව ඉතා ඉක්මණින් කිලිටිවීමේ වැඩි අවදානමක් ද පවතියි.

මෙම තත්ත්වය සලකා බලා, වසර පහකට ආසන්න කාලයක් කිසිදු හානියකින් තොරව පරිහරණය කළ හැකි පෙළ පොතක් නිර්මාණය කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතියට කැබිනට් මණ්ඩල අනුමැතියත්, තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශත්, ටෙන්ඩර් මණ්ඩල අනුමැතියත් හිමි විය. ඒ අනුව 2017 වසර වෙනුවෙන් 7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළපොත් (සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය) පිටපත් ලක්ෂ 5ක් මුද්‍රණය කිරීමට පියවර ගෙන ලැබීය.  ඒ අනුව මුද්‍රණය කළ පෙළ පොත් 2017 ජනවාරි මස සිට පාසල් සිසුන්ට පරිහරණය කිරීමට ලබාදී තිබේ.

මෙම පොත මුද්‍රණය කිරීමේ දී යොදාගන්නා කඩදාසිවල සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳව සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විමසීමක් සිදු කරන ලද අතර එහිදී ඔහු විසින් නිර්දේශ කරනු ලැබූ  පර්යේෂණ සඳහා යොමු කරනු ලදී. ඒ අනුව පොත මුද්‍රණය කිරීමට භාවිත කරන ලද පොලිප්‍රොප්ලීන් කඩදාසි ආනයන අවස්ථාවේ ලබාගත් SGS සහතිකය අනුව සහ ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් සිදුකළ පරීක්ෂණවලින් මෙම පොතෙහි කිසිදු බැර ලෝහ වර්ගයක් හෝ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බවට  තහවුරු කර තිබේ.

 එසේම 2017 වසරේ ජනවාරි මස මෙම පෙළ පොත් 150,000 ක් පමණ සිසුන්ට ලබාදී ඇති අතර මෙතෙක් ගුරුවරුන්ගෙන් හෝ සිසුන්ගෙන් ඒ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත.

Ministry_of_Education

නිරෝෂා ප්‍රියදර්ශනී


 

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.