පේරාදෙණිය විවාහ උත්සවයට පාසල් සිසුන් යොදා ගැනීම ගැන පරීක්ෂණයක්
- 2017-09-25 10:47:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව දිගම ඔසරිපොට සහිත ඔසරිය ඇද ගිනස් වාර්තාවක් තැබීමට අදාළව මහනුවර ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයක් සඳහා අලවතුවල කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සහභාගී කරවීම සම්බන්ධව කරුණු සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම්වරයාට නියෝග කර තිබේ.
අලවතුගොඩ කණිෂ්ඨ විද්‍යාලය සෘජුවම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන ජාතික පාසලක් නොවේ. එය පළාත් පාසලක් වන එය මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වේ. කෙසේ වෙතත් රේඛීය අමාත්‍යංශය ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන චක්‍රලේඛයන් දිවයිනේ සියළු පාසල් සඳහා බලාත්මක වෙයි.
ඒ අනුව පාසල් කාලය තුළ පාසල් දරුවන් වෙනත් බාහිර කටයුතු සඳහා සම්බන්ධ කරගැනීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති චක්‍රලේඛය මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන නිලධාරීන් හෝ විදුහල්පතිවරයා විසින් උල්ලංඝණය කර තිබේද යන්න පිළිබඳව කරුණු සොයාබලා වාර්තා කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.
රටට කීර්තියක් අත්කරදීම සඳහා ගිනස් වාර්තා පිහිටුවීම සතුටට කරුණක් නමුත් එවැනි කටයුතු වලදී පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට කටයුතු වලට බාධා මතු වීම අනුමත කළ නොහැක්කක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments