පොසොන් උත්සවයට විශේෂ දුම්රිය
- 2016-06-15 22:26:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර වෙත ගමන් කරන හා එහි සිට නැවත පැමිණෙන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සඳහා මේමස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට පියවර ගෙන ඇතැයිගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කරයි.
එසේම හෙට (16දා) දින සිට එළඹෙන 20 වැනිදා දක්වා මාතර සිට වවුනියාව දක්වා ධාවනය වන රජරට රැජින ශීඝ්‍රගාමී දුම්රියට ගාල්ල දුම්රිය ස්ථානයේදී තෙවැනි පංතියේ අමතර මැදිරි 02 බැගින් සම්බන්ධ කර ඇත.එමෙන්ම හෙට (16දා) දින සිට එළඹෙන 20 වැනිදා දක්වා කොළඹ කොටුව සහ වවුනියාව අතර ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියට අමතර දෙවැනි පන්තියේ මැදිරියක් එක්කර ඇත.
තවද අදාළ කාලය තුළ කොළඹ කොටුව - තලෙයිමන්නාරම අතර ධාවනය වන දුම්රියට අමතර තෙවැනි පන්තියේ මැදිරිය බැගින් හා එම මාර්ගයේ ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියට අමතර තෙවැනි පන්තියේ මැදිරි 02 බැගින් එක්කර ඇත.ada.lk
Reply To:
Name - Reply Comment
0 Comments