Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පෝෂණවේදී උපාධිධාරින් 567 දෙනෙකු කඩිනමින් බඳවා ගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසුවේ පෝෂණවේදීන්, පශ්චාත් උපාධිය සහ උපාධිය අවසන් කළ උපාධිධාරීන් 567 ක් සිටින බැවින් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට බඳවා ගන්නා බවයි. පෝෂණවේදීන්ගේ හිඟය මඟහරවා ගැනිම මෙහි අරමුණයි.

නව පෝෂණවේදීන් බඳවා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින්ට දැනුම් දී ඇත. දැනට පෝෂණවේදීන් 25 ක් සේවයේ නියුතුව සිටියි. පෝෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට එම නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින්, උපාධිධාරීන් බඳවා ගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

පෝෂණවේදීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා පැවැත් වූ රැස්වීමක දී මෙම කරුණු අනාවරණය විය.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) සරත් අමුණුගම මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.