Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික ශිෂ්‍යභට බලකාය (NCC) විසින් සංවිධානය කරන ලද බස්නාහිර පළාත් කණිෂ්ඨ ශිෂ්‍යභට පුහුණු කඳවුර 2017 හෙට (12) සිට 15 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සුදානම්කර ඇත. මෙම කඳවුර වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී පැවැත්වේ. කණිෂ්ඨ ශිෂ්‍යභට නියමු ව්‍යාපෘතිය ත්‍රිකුණාමල සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන ලද අතර වර්ෂය අවසාන වනවිට බාලක ඇගයීම් කඳවුරු 08ක් සහ බාලිකා ඇගයීම් කඳවුරු අදියර 02ක් පැවැත්වීමට හැකිවිය. මේ වැඩසටහන සඳහා බාලක ශිෂ්‍යභට ඛණ්ඩ 189 ක් හා බාලිකා ඛණ්ඩ 52ක් සහභාගි වූහ.

රජයේ, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික බාලක හා බාලිකා පාසල්වල වයස අවුරුදු 12-14 අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණිෂ්ඨ ශිෂ්‍යභටයන් ලෙස පුහුණු කරනු ලැබේ. ඔවුන්ගේ පුහුණුව සඳහා ශාරීරික අභ්‍යාස, සිතියම් කියවීම, ප්‍රථමාධාර, ඝණ සරඹ, භුමි උපක්‍රම, සාරධර්ම සහ යහපත් පුරුදු ආදිය ඇතුළත් වේ. තවද නායකත්ව ගුණාංග, ආත්ම විශ්වාස වර්ධනය සහ කණ්ඩායම් හැඟීම් පිළිබඳවද පුහුණුවක් ලබා දෙනු ඇත.

ජාතික ශිෂ්‍යභට බලකාය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ විෂය පථයට අයත් වන ආයතනයකි. 1980 වර්ෂයේදී කණිෂ්ඨ ශිෂ්‍යභට පුහුණූව නවත්වා ඇත. එහෙත් පසුගිය වසරේදී ජනාධිපතිතුමාගේ උපදෙස් හා අගමැතිවරයාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන නැවත ආරම්භ විය. කණිෂ්ඨ ශිෂ්‍ය භට බලකාය මේ වන විට බාලක බලඇණි 29ක් සහ බාලිකා බලඇණි 9ක් ස්ථාපිත කර ඇත.

(රජයේ නිල පුවත් සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.