බස්නාහිර මුහුදු සීමාවේ ජලජීවි පර්යේෂණයක්
- 2017-06-19 12:06:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විශේෂයෙන් වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ස්ථානයේ සිට කිලෝමීටර් 10ක් උතුරට හා කිලෝමීටර් 10ක් දකුණටත් වු මුහුදු කලාපය තුළ මෙම පර්යේෂණ කටයුතු නාරා ආයතනයේ විශේෂඥයින් විසින් සිදු කරන අතර, එම කටයුතු සිදු කිරීමට වරාය නගර ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 63ක මුදලක් ලබා දී ඇත.වරාය නගර ව්‍යාපෘතිය ඉදිකිරීමේ දී ධීවර ප්‍රජාවට කිසියම් බලපෑමක් එල්ල වන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා මෙහෙයුම් කමිටුවක් ද පත් කර තිබේ.බස්නාහිර පළාතේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය විසින් ධීවර අමාත්‍යාංශයට ලබා දී තිබේ. ඉන් රුපියල් මිලියන 150ක් ධීවර සංවිධාන 54කට බෙදා දීමට කටයුතු කර ඇති අතර, ඉතිරි රුපියල් මිලියන 350 ධිවර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැය කිරීමට සැලසුම් කර තිබේ.
නාරා ආයතනය මගින් සාගර සම්පත් පිළිබඳ සමීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කිරිමටත්, නාරා ආයතනය විසින් ලබා දෙන වාර්තාවන් සැළකිල්ලට ගනිමින් කටයුතු කරන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරිය විසින් සෙසු සාමාජිකයින්හට දැනුම් දෙනු ලැබීය.
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments