බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය අද සිට
- 2017-08-15 09:19:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඒ අනුව, ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය ක‍්‍රියාත්මක සමාරම්භක දිනය වන අද (15) මොරටුව, කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්වාත්, සැවොයි සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්දිය දක්වාත්, කොළඹ නගරය දෙසට ගමන් කරනු ලබන පොදු ප‍්‍රවාහන සේවා ඒක මංතීරුවක පමණක් ගමන් කරනු ඇත.
පෙරවරු 06.00 සිට පෙරවරු 09.00 දක්වා සතියේ දිනවලදී මෙම මාර්ගයන්හි කොළඹ දෙසට වෙන් කරනු ලැබූ මංතීරු තුළ ධාවනය කළ යුතු වන අතර එම වේලාවන්හි මංතීරුව තුළ අනෙකුත් වාහන ධාවනය කිරීම අත්හිටුවා ඇත.
මෙම බස් ප‍්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර අදාල මාර්ගයන් හි යටිතල පහසුකම් දියුණු කර ඇති අතර සී.සී.ටීවි මගින් බස්රථ අධීක්‍ෂණය කරනු ඇත. තවද GPS තාක්ෂණය යොදා ගනිමින් බස්රථ ගමන් කරනු ලබන ආකාරය හා නිවැරදි මංතීරු අනුගමනය කරන්නේ ද යන්න නිරන්තරයෙන් සොයා බැලීමට ද කටයුතු යොදා ඇත.
දීර්ඝ කාලීනව උදෑසන හා සවස් කාලයේදී මගී ජනතාව සහ අනෙකුත් වාහනවල ගමන් කරන අය උදෙසා මාර්ග තදබදයකින් තොරව සිය ගමනාන්ත දක්වා ගමන් කිරීමට මෙමගින් විශේෂ වූ තොරතුරු රැසක් ලබාගැනීමත් ප‍්‍රායෝගික තත්වයන් සඳහා මුහුණ දීමටත් මෙම මූලික අදියරේ දී කටයුතු සැලසෙනු ඇත. එහෙයින් මෙම ව්‍යාපෘතිය සඳහා සැමගේ සහය අත්‍යාවශ්‍ය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඡායාරූප හා විඩියෝ - මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
Reply To:
Name - Reply Comment
0 Comments