බහාලුම් තුළට පමණක් අපද්‍රව්‍ය බැහැරකරන්න
- 2016-06-27 23:29:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රමානුකූලව අපද්‍රව්‍ය බැහැර කිරීම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට පිටුවහලක් වන බවත්, අපද්‍රව්‍ය බහාලුම් තුළට පමණක් අපද්‍රව්‍ය බැහැරකිරීමට කටයුතු කරන ලෙසත් මධ්‍යම පරිසර අධිකාරිය මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අපද්‍රව්‍ය බැහැරකිරීමේ වැරදි චර්යාවන්ගෙන් මිදී පරිසර හිතකාමී චර්යාධර්ම පද්ධතියක් වෙත යොමුවීම කාලීන අවශ්‍යතාවක්ව ඇති බවත්, ඒවෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය තුළින් දුම්රිය ස්ථාන 300 ක් වෙත අපද්‍රව්‍ය බහාලුම් කට්ටල ලබාදුන් බවත් මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශකළේය. දුම්රිය මගින් දිනපතා ගමන්ගන්නා මගී ජනතාව බැහැර කරන පොලිතීන්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය මෙන්ම ආහාර කොටස් වැනි දිරාපත්වන අපද්‍රව්‍යද මේහරහා ක්‍රමවත්ව බැහැර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි. පිළිසරු ව්‍යාපෘතිය යටතේ මධ්‍යම පරිසර අධිකාරිය රුපියල් මිලියන 06 ක මුදලක් වැයකර උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන 43 ක්, මාතලේ දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන 09 ක්, පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන 27 ක්, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන 90 ක්, තලෙයි මන්නාරම මාර්ගයේ දුම්රිය ස්ථාන 08 ක්, මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන 21 ක්, ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන 06 ක්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන 75 ක් සහ කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන 21 ක් සඳහා එලෙස අපද්‍රව්‍ය බහාලුම් කට්ටල බෙදාදී ඇත. ක්‍රමානුකූල අපද්‍රව්‍ය බැහැර කිරීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේද සහයෝගය බලාපොරොත්තු වන බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් පැවසීය.ada.lk
Reply To:
Name - Reply Comment
0 Comments