Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අපවත්වී වදාළ බෙල්ලන්විල රාජමහා විහාරාධිපති, මහාචාර්ය, අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජ්‍යෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට රජය තීරණය කර ඇත.

මෙම ආදාහන පූජ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ උපදෙස් පරිදි කථානායක කරු ජයසූරිය මහතාගේ හා බුද්ධශාසන, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරයි.

උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජ්‍යෝත්සවය ලබන 08 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට පැවැත්වෙන අතර, උන්වහන්සේගේ අපවත් වීම වෙනුවෙන් සංවේගය පළකිරීමට සෑම නිවසකම, රාජ්‍ය ආයතන හා වෙළෙඳ ආයතන, රථවාහනවල කහ පැහැති ධජයක් ප්‍රදර්ශනය කරන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.