Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ අද (03) අපවත් වූහ. ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබුණු අතර විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි.

ඒහිමියෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස කටයතු කරමින් සිටියහ. විමලරතන නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳ පුවත සැලවීමත් සමග මහා සංඝරත්නය ද දේශපාලන නායකයෝද සිවිල් ක්‍රියාකාරීහූ ද එම විහාරස්ථානයට පැමිණියහ. විමලරතන නාහිමියන්ගේ ආදාහනය පිළිබඳ විස්තර පසුව දැනුම්දෙන බව එම විහාරස්ථානයේ ආරංචිමාර්ග කියයි.

ශාස්ත්‍රීය ලෝකයට උන් වහන්සේ කළ සේවය මිල කළ නොහැකික. බුදු පිළිමය, මුද්‍රා සහ ආසන (1991), බෞද්ධ සම්ප්‍රදාය හා සංස්කෘතිය (1984), බුදු දහම සහ වෙනත් ආගම් (1989), අංගුත්තර නිකාය - සිංහල අනුවාදය (කිර්ති නාරම්පනාව සමග, 1990), නොසැලෙන මනස (පරිවර්තන, 1992), බුද්ධ ප්‍රතිමා කලාව සහ බුදුපිළිමයේ විකාශය (1995), මිනිසා‍ගේ ආගම් (පරිවර්තන, 1999), බෞද්ධ මහා පුරුෂ සංකල්පය (2000), ප්‍රඥා පාරමිතා සාහිත්‍යය (2000), බණ දහයක් (2006), බුදු දහම සාහිත්‍යය හා කලාව (2006), විචාර ලිපි සරණිය (2006), බුදුපිළිමයට පෙර බුදු හාමුදුරුවෝ (2010), බෞද්ධ පුද පූජා සංස්කෘතිය (2013), Buddhism Society and Environment (1989), The Concept of Great - Man in Buddhist Literature and Iconography (1996), Buddhism among other Religions (2000), Essays On Facets of Buddhism (2006) වැනි ග්‍රන්ථ තුළින් උන් වහන්සේ සතු පාණ්ඩිත්‍යය මනාව ප්‍රකට කළේ ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපතිතුමනි! මහැදුරුතුමනි! ධර්මධර බුද්ධ පුත්‍රයාණෙනි! ඔබ වහන්සේට අජරාමර නිවන් සුව!!!


(එච්.එම් ධර්මපාල)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.