බොන්හැම් සත්ත්වෝද්‍යානයේ උපන් ලංකාවේ කොටියෝ
- 2018-01-05 14:16:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්තයේ නෝෆෝක් ප්‍රාන්තය පුරා අපූරු තරගයක් පැවැත්වෙනවා. ඒ බොන්හැම් සත්ත්වෝද්‍යානයේ ඉපදුනු ශ්‍රී ලංකා කොටි පැටවුන් දෙදෙනෙකුට නම් තැබීම වෙනුවෙනුයි. එළඹෙන සිකුරාදා දිනයෙන් අවසන් වනමෙම තරගයට අදාළ ලංකා කොටි පැටවුන් දෙදෙනා ඉපදී ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බරයේයි.
මෙම සිදුවීම සත්ත්වෝද්‍යානයටම විශේෂිත සිදුවීමක් වූ බව සත්ත්වෝද්‍යාන කළමනාකාර මයිකල් වූල්හැම් පවසයි.
“කැලෑවේ දැනටත් සිටින්නේ දහසකටත් අඩු ලංකා කොටි ප්‍රමාණයක් නිසා මෙම කොටි පැටවුන් දෙදෙනා පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමුවෙනවා. මෙම කොටි පැටවුන් දෙදෙනාගේ දෙමවුපියන් වසර කිහිපයක්ම මෙම සත්ත්වෝද්‍යානයේ සුවපහසුවෙන් සිට ඇති අතර, ඔවුන් පැටවුන් ලද පළමු අවස්ථාව මෙය වෙනවා.“
එසේම මෙම පැටවුන් දෙදෙනාගේ මව වන සරිස්කා ඉතා ගුණවන්ත සහ ආරක්ෂාකාරී මවක්බවත්, එනිසාම පැටවුන් දෙදෙනා සුවෙන් වැඩෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.මෙම පැටවුන් දෙදෙනාම ගැහැනු සතුන් බවද පැවසෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments