බෞද්ධ විහාරස්ථාන 1000ක් සංවර්ධනය කරයි
- 2017-08-15 14:32:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වෙසක් පොහොය දින වන විට නියමිත නිර්දේශයන් සපුරන බෞද්ධ විහාරස්ථාන දහසක (1000) සංරක්ෂණ හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ආධාර මුදල් ලබාදීමට රජය සැලසුම්කර තිබේ.
එහි පළමු පියවර ලෙස දිවයින පුරා පිහිටි විහාරස්ථාන 150 ක සංරක්ෂණ හා සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 460 ක් වටිනා චෙක් පත් ලබා දීම අද (15) පැවැතියේය.
මෙවර ශ්‍රී ලංකාවේ පැවැති ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.මේ සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරනු ලබන්නේ මෙරට ඓතිහාසික ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශ සංචාරකයින්ට ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට බැරවන මුදල් මගිනි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් ලබා නොගන්නා අතර විදේශිකයින්ට ප්‍රවේශපත්‍ර අලෙවිකිරීමෙන් ලැබෙන ආදායම් යොදවා මෙරට සියලු ම ජාතික උරුම සංරක්ෂණ කටයුතු සිදු කිරීමට මෙන් ම පෞරාණික උරුමයක් සහිත වෙහෙර විහාර සහ සිද්ධස්ථානවල සංරක්ෂණ හා නඩත්තු කටයුතු සිදු කිරීමට අවශ්‍ය ආධාර ලබාදීම සිදු කරනු ලැබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments