Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

18 වැනි ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වීම සඳහා රුසියාව බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලාංකික ශිෂ්‍ය කණ්ඩායම, අද (20දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

එම කණ්ඩායමේ සාමාජිකයන් වන කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කේ.ඩී.එම්. අමායා ධර්මසිරි, මාතර රාහුල විද්‍යාලයේ ආර්.ජී. නිසල් පුන්සර, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ යූ.ජී. චතුර ජයශංක, කොළඹ රාජකීය විද්‍යාලයේ එම්.බී.එස්. ඩිමල් තනුක, ත්‍රිකුණාමලය ශාන්ත ජෝෂප් විද්‍යාලයේ මොහොමඩ් අෆ්ලාල් මොහොමඩ් අෆාම්, කොළඹ රාජකීය විද්‍යාලයේ ඒ.කේ.ඒ. රන්දුල, කොළඹ ආනන්ද විද්‍යාලයේ ටී.එම්.එස්. සමරකෝන්, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පී.ජී.එස්. චතුරංග බණ්ඩාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත රුපියල් ලක්ෂය බැගින් ගමන් වියදම් දීමනාවක් ජනාධිපතිවරයා විසින් මෙහිදී ප්‍රදානය කෙරිණි.

ලබන මැයි මස පළමුවැනිදා සිට නව වැනිදා තෙක් රුසියාවේ සයිබීරියා ප්‍රාන්තයේ Yakutsk විශ්වවිද්‍යාලයේදී එම තරගය පැවැත්වෙන අතර, ඒ සඳහා ආසියාතික රටවල් 22 ක් සහභාගී වීමට නියමිතය.

මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් සහ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ සම්බන්ධීකාරක මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා යන මහත්වරුද එක්ව සිටියහ.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed

unnamed (1)unnamed (2)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.