මදුරුවන් බෝවන තැන් පවත්වාගෙන 2,195 දෙනෙකුට නඩු
- 2016-10-05 08:58:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දීපව්‍යාප්තව ක්‍රියාත්මක වූ ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේදී මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 2,195 දෙනෙකුට නඩු පැවරීමටත් 28,314 දෙනෙකුට නොතීසි නිකුත් කිරීමටත්, ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පියවර ගෙන තිබේ.
ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ සමස්ත වාර්තාවට අනුව, පරිශ්‍ර 624,680 ක් පරීක්ෂාවට ලක්ව ඇති අතර, මදුරු කීටයන් සහිත පරිශ්‍ර 9,130 ක් හඳුනාගෙන ඇති බව සඳහන්ය.
එහිදී මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 98,118 ක් නිවැරදි කිරීමට ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පියවරගෙන ඇත.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් පරිශ්‍ර 161,455 ක් පරීක්ෂාවට ලක්ව ඇති අතර, එහිදී මදුරු කීටයන් සහිත ස්ථාන 1350 ක් හමුව ඇති බවට වාර්තා වේ.
එසේම, මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 18,459ක් නිවැරදි කිරීමටත්, 6142කට නොතීසි නිකුත් කිරීමට හා 729 දෙනෙකුට නඩු පැවරීමටත් කටයුතු කර ඇතැයිද ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පවසයි.
මෙම වැඩසටහනේදී වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 26ක් තෝරාගෙන තිබූ අතර, කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මඩකලපුව සහ යාපනය යන දිස්ත්‍රික්කවල එම වැඩි අවදානම් කලාප දක්නට ලැබුණු බවද සඳහන් වේ.ජාතික ඩෙංගු මර්දන සතිය ඉකුත් 27 වැනිදා සිට 03 වැනිදා දක්වා පැවැත්විණි.
ඡායාරූපය-dunyanews.tv
Reply To:
Name - Reply Comment
0 Comments