Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සඳුදා සිට ආරම්භ කරනු ලැබූ විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන යටතේ ගතවූ තෙදින තුළ පරිශ්‍ර 77,728 ක් පරික්ෂාවට ලක්කර මදුරු කීටයන් සහිත පරිශ්‍ර 1140ක් සොයාගැනීමට හැකිවූ බවට ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකය වාර්තා කරයි.

ඒ අනුව, පරිශ්‍ර 9188ක් නිවැරදි කර 2882කට නොතීසි සහ 616 දෙනෙකුට නඩු  පැවරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

එහිදී බස්නාහිර පළාත් තුළ පමණක් පරිශ්‍ර 60497 ක් පරීක්ෂාවට ලක්ව ඇති අතර මදුරු කීටයින් සහිත පරිශ්‍ර 639ක් හමුව ඇත.

ඒ අනුව, 1889 නොතීසි සහ 402 දෙනෙකුට නඩු පැවරීමට කටයුතු කර ඇති බව පැවසේ.

ජාතික ඩෙංගු මදුරු මර්ධන ඒකකය විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව වැඩිම මදුරු කීටයින් සහිත පරිශ්‍ර නිවාස ආශ්‍රිතව හමුව ඇති අතර එය 1028කි. ඩෙංගු මදුරු මර්දන වැඩසටහන යටතේ පාසල් 68ක්ද පරික්ෂාවට ලක්ව ඇති බව එහි සඳහන් වේ.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටින්නේ ඊයේ (15දා) දින වනවිට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47900ක් වන අතර මරණ 77ක් වාර්තා වී ඇති බවයි.(wmdjbm)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.