මහජනතාවට සෞඛ්‍ය පරීක්ෂා කර ගැනිමට සුවදිවි මධ්‍යස්ථාන 842ක්
- 2016-07-24 02:38:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම ඒකක මගින් රුධිරයේ සීනි ප‍්‍රමාණය, කොලෙස්ටරෝල් හා මේ ප‍්‍රමාණය,රුධිර පීඩනය, ශරීර ස්කන්ධ දර්ශකය මගින් අධික රුධිර පීඩනය, හදවත් රෝග, දියවැඩියාව වැනි රෝග තිබේ දැයිපරීක්ෂා කර ගත හැක.
තවද සුවනාරි සායන 906 ක් පිහිටුවා ඇති අතර එමගින් කාන්තාවන්ට පියයුරු හා ගැබිගෙල පිළිකා කල් ඇතිව හදුනාගැනීමට හැකිය.සෑම දිස්ත‍්‍රික්කයකම එකක් බැගින් රෝග පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුම් කර ඇත.
ඒ සදහා සහයෝගය සිංගප්පුරුවෙන් ලැබෙන අතර මෙම පරීක්ෂණ ඒකකවල දී එම්.ආර්.අයි. සී.ටි ස්කෑනර් පරීක්ෂණ හැර අනෙකුත් සියළුම රෝග පරීක්ෂණ පහසුකම් ලබාදිමට නියමිතය.
මෙහිදී බලාපොරොත්තු වන්නේ 2020 වනවිට බෝ නොවන රෝග සියයට 10 කින් අඩු කිරීමට සහ 2035 වනවිට බෝනොවනරෝග සියයට 20 කින් අඩු කිරීමට බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ, පසුගිය දා ඇමෙරිකාවේ පැවැති බෝ නොවන රෝග පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වෙමිනි.(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)ඡායාරූපය-මහනුවර මහ රෝහල
Reply To:
Name - Reply Comment
0 Comments