මහානාම වවුනියාවට පාසලක් තනයි
- 2017-01-15 11:47:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරකවරයෙකු ලෙස කටයුතු කරන රොෂාන් මහානාම මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් යුතුව වවුනියාව බෝගස්වැව වෙහරතැන්න නැවත පදිංචිකළ ගම්මානයේ අලුතෙන් ඉදිකරන ලද පාසල් ගොඩනැගිල්ල රොෂාන් මහානාම මහතාගේ සහභාගිත්වයෙන් විවෘත කරන ලදී.
රුපියල් ලක්ෂ 27 ක පමණ මුදලක් වැයකරමින් මෙම පාසල් ගොඩනැගිල්ල ඉදිකෙරුණු අතර සියලු ඉදිකිරීම් කටයුතු යුද හමුදා ශ්‍රමදායකත්වයෙන් සිදු විය. මෙසේ ඉදි වූ විදුහල් ගොඩනැගිල්ල නම්කර ඇත්තේද රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලය නමිනි.
මේස, පුටු, අල්මාරි ඇතුළු සියලු උපකරණවලින් සමන්විතව නව පාසල ආරම්භ කරන ලද අතර 1 ශ්‍රේණිය සිට 05 ශ්‍රේණිය දක්වා ළමුන් 44 දෙනෙකුගෙන් හා ගුරුවරුන් 04 දෙනෙකුගෙන් යුතුව ආරම්භ කිරීම සිදුවිය.පසල් දරු දැරියන් සඳහා පාසල් උපකරණ හා පාසල් පාවහන් ලබාදීමද මෙහදී සිදු කෙරුණි.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් රුවන් කුලතුංග, 62 සේනංකාධිපති මේජර් ජනරාල් අජිත් විජේසිංහ යන මහත්වරුන් හා අධ්‍යාපන නිලධාරීන්, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.පාසල් විවෘත කරන විට සිර ගෙවල් 100ක් වැසෙන බවට ප්‍රසිද්ධ කියමනක් ජනතාව අතර පවතියි.
www.ada.lk ඇසුරිනි
Reply To:
Name - Reply Comment
0 Comments