Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගවලදි විනය ආරක්ෂා කිරීම සම්බන්ධව ද දැඩි අවධානය යොමු කිරීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තිරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා හා කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරුන් අද (16දා) පැවැති හදිසි රැස්වීමදි මේ පිළිබඳව අවධානය යොමුව තිබේ.සිසුන් අතර ඇතිවන ගැටුම් වලදි ඒවා කළමනාකරණය කිරීම පිළිබඳවද අවධානය යොමුකර තිබේ.

පාසල් තුළ විනය කඩකරන සිසුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට විනය මණ්ඩලයට බලය පවරා තිබුණත් මානව හිමිකම් කොමිසන් සභාව මගින් මෙන්ම වෙනත් ආයතන හරහා මේ සම්බන්ධයෙන් සිදුකරන නිර්දේශ හමුවේ විනය ක්‍රියාමාර්ග දැඩිව ක්‍රියාත්මක කිරීමට නොහැකි බව පැමිණි සිටි විදුහල්පතිවරුන් අධ්‍යාපන අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඉදිරියේ දී පවත්වනු ලබන පාසල් ත්‍රිකට් තරගාවලීන් ද ආවරණය වන අයුරින්, පාසල් සිසුන්ගේ විනය ආරක්ෂා වන පරිදි නව විධිවිධාන ද ඇතුළත් කොට ශක්තිමත් යාන්ත්‍රණයක් සකසන ලෙසත් ඒ සඳහා අවශ්‍ය චක්‍ර ලේඛ සකස් කරන ‍ලෙසත් අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දි තිබේ.

මෙහිදී මානව හිමිකම් කොමිසන් සභාව ජාතික ළමාරක්ෂක අධිකාරිය, ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළු සියලු පාර්ශවකරුවන්ගේ හා විද්වතුන්ගේ අදහස් ගන්නා ලෙසද අමාත්‍යවරා උපදෙස් දි ඇත.

මීට අමතරව විදුහල්පතිවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කොට පවත්නා ප්‍රායෝගික ගැටළු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට, පාසල් විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත්විය හැකි කාලීන යෝජනා ඇතුළත් වාර්තාවක් සතියක් ඇතුළත තමා වෙත ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දි ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (1)

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.