Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් ක්‍රිකට් ක්‍රීඩා ක්‍රීඩව නැංවීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඇතුළු කමිටුව විසින් සකස් කළ වාර්තාව ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ පසුගිය කාලයේ පැවති පසුබෑමට බලපා ඇති හේතු හඳුනාගෙන, ඒ සඳහා දිගුකාලීන විසඳුම් ලබා දීමේ අරමුණින් පාසල් ක්‍රිකට් නැංවීමට මෙම ක්‍රියාකාරී වාර්තාව සකස් කරන ලදී.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කළ කමිටුවට සිදත් වෙත්තමුණි, මහේල ජයවර්ධන, රොජර් විජේසූරිය, ජෙහාන් මුබාරක් ඇතුළු ප්‍රවීණ ක්‍රීඩකයන්ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික අධ්‍යාපන හා පුහුණු අධ්‍යක්ෂ මංජුල කාරියවසම් මහතා, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් හා දේශීය හා විදේශීය පුහුණුකරණ අත්දැකීම් සහිත පළපුරුදු පුහුණුකරුවන් පිරිසක් එක්ව සිටිති.  එම සැලැස්ම 2018 දී  ආරම්භ කර තුන් අවුරුදු කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පාසල් ක්‍රීඩකයන්ට දක්ෂතා සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීම, තෝරාගත් ක්‍රීඩාංගණ කිහිපයක් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සංවර්ධනය කිරීම, පාසල් ක්‍රිකට් තාක්ෂණික දැනුම සංවර්ධනය, පාසල් ක්‍රිකට් තරග රටාවේ අත්‍යවශ්‍ය වෙනස්කම් සිදුකිරීම සහ ක්‍රිකට් පුහුණුකරුවන් හා ක්‍රිකට් භාර ආචාර්යවරුන් බලගැන්වීමේ කටයුතු මේ හරහා සිදුකිරීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.