Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් වාර්ශිකව නිකුත් කරනු ලබන මානව සංවර්ධන දර්ශකයේදි ඉහළ මානව සංවර්ධනයක් ළගා කර ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව වර්ග කර තිබේ. 

ඒ අනුව රටවල් 188කින් ශ්‍රී ලංකාවට 73 වැනි ස්ථානය හිමිව තිබේ. 2016 වසරට අදාළව මෙම දර්ශකය ගණන් බලා ඇති අතර 2015 වසරේදීත් ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 73 වැනි ස්ථානයයි.

උපතේදී ආයු අපේක්ෂාව, සාක්ෂරතාව හා ක්‍රයශක්තිය (මිලදී ගැනිමේ හැකියාව) යන දර්ශක තුන යොදාගනිමින්  මෙම දර්ශකය ගණනය කරනු ලබයි. දකුණු ආසියාවේ ඉහළම මානව සංවර්ධනයක් ඇති රට ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවෙයි.


මෙම දර්ශකය අනුව දකුණු ආසියාවේ අනෙකුත් සියලු රටවල් 100 වැනි ස්ථානයෙන් ඉහළ සිටින රටවල් බවට පත්ව තිබේ. ලෝකයේ මානව සංවර්ධනය අතින් ඉහළම රට ලෙස නෝර්වේ රාජ්‍යත්, පහළම මානව සංවර්ධනයක් ඇති ලෙස මධ්‍යම අප්‍රිකාවත් ශ්‍රේණිගත කොට ඇත.

මාලදිවයින (105), බංග්ලාදේශය (139), භූතානය (132), ඉන්දියාව (131), නේපාලය (144), පාකිස්තානය (147), ඇෆ්ගනිස්තානය (169) යනාදි වශයෙන් දකුණු ආසියානු රටවල් ශ්‍රේණිගත කොට තිබේ. 

නිරෝෂා ප්‍රියදර්ශනී

Capture copy

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.