මැලේසියාව සති දෙකක් හුදෙකලා වෙයි
- 2020-03-17 10:46:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මැලේසියාව සති දෙකක කාලයක් වසා දැමීමට (lock down) මැලේසියා අගමැති කටයුතු කර තිබේ.
ඒ අනුව සියලුම ආගමික ආයතන, පාසල්, ව්‍යාපාර සහ රජයේ කාර්යාල බදාදා සිට මාර්තු 31 දක්වා වසා තබන බව අගමැතිවරයා පැවසීය.
මැලේසියානුවන්ට විදෙස් ගත වීමට ඉඩ නොදෙන බවත්, සියලුම විදේශීය සංචාරකයින් රටට ඇතුළුවීම තහනම් කරන බවත් ඔහු පැවසීය.
විදේශයන්හි සිට ආපසු පැමිණෙන සියලුම මැලේසියානුවන්ට දින 14 ක් ස්වයං නිරෝධායනය කිරීමට සිදුවන බවත් ඔහු පැවැසීය.
සති අන්තයේදී මැලේසියාවේ කොවිඩ් ආසාදිතයන් විශාල වශයෙන් වාර්තාවීමත් සමග මැලේසියාව මෙම තීණය ගෙන තිබේ.
දින දෙක තුළ රට තුළ නව ෙරෝගීන් 315 ක් වාර්තා වූ අතර ඒ අනුව මුළු සංඛ්‍යාව 553 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අග්නිදිග ආසියාවේ වැඩිම සංඛ්‍යාවයි.
Reply To:
Name - Reply Comment
0 Comments