මැලේසියාව හොට් ඩෝග් වචනය තහනම් කරයි!
- 2016-10-22 01:12:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මැලේසියාවේ ආපනශාලා තුළ අලෙවි කරන සුප්‍රසිද්ධ හොඩ් ඩෝග් යන ආහාරයේ නම වෙනස් කරන ලෙස එරට ඉස්ලාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි. එරට ආගමික පරිපාලන අංශය ලෙසින්ද සැලකෙන මෙම දෙපාර්තමේන්තුව පවසන ආකාරයට, මැලේසියාවට පැමිණෙන විදේශීය මුස්ලිම් සංචාරකයන්ගේ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබේ.
විශේෂයෙන්ම එරට තුළ මෙම ආහාරය සඳහා හලාල් සහතිකය නිකුත් කිරීමේදීද එය ගැටලුවක් බවට පත්ව ඇතැයි සඳහන් වෙයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සිරාජුදීන් සුහායිමී සඳහන් කරන ආකාරයට මෙම නම හේතුවෙන් එම සංචාරකයන් බොහෝ දෙනා අපහසුතාවයට පත්වන බවත්, ඉස්ලාම් ආගමට අනුව %ඩෝග්^ හෙවත් සුනඛයා යන්න ආහාරයක් සඳහා යොදා ගැනීම නොගැළපෙන්නක් බවත් ඔහු පෙන්වා දී තිබේ.
&ඉස්ලාම් ආගමේ සඳහන් වෙන විදියට සුනඛයා එහෙමත් නැත්නම් බල්ලා කියන්නේ පිරිසිදුකමක් නැති සතෙක්. ඒ නිසා මේ නම හලාල් සහතික නිකුත් කිරීමේදීවත් යොදා ගන්න බැහැ.* අධ්‍යක්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතරම මැලේසියානු හලාල් ආහාර නීතිය පවසන ආකාරයට, හලාල් ආහාර හෝ හලාල් කෘත්‍රිම රසකාරක කිසිදු ලෙසකින්වත් හලාල් නොවන ආහාර හා ගලපමින් නම් නොකළ යුතුව තිබේ. එහිදී උදාහරණ ලෙස හැම්, බේකන්, යනාදී වචන පෙන්වා දෙන ඔවුන් ඒ හරහා අර්බුද මතු වන බවත් සඳහන් කරයි. ඒ අනුව හොට්ඩෝග් යන්නෙහි ඩෝග් වෙනුවට සොසේජස් යන්න යොදා ගැනීම සුදුසු බව සිරාජුදීන් සුහායිමී පවසා සිටියි.
කෙසේ වෙතත් ඉස්ලාමීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙම තීරණය හෙළා දකින මැලේසියානු සංචාරක සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය නසිර් අසීස් මෙය මෝඩ් සහ අමනෝඥ තීරණයක් බව ප්‍රකාශ කළේය.
&හොට් ඩෝග් කියන්නේ හොට් ඩෝග්වලට. මැලේසියාවේදී වුණත් අවුරුදු ගාණක් තිස්සේ ඒකට කියන්නේ හොට් ඩෝග් කියලයි.* අමාත්‍යවරයා සඳහන් කරයි. එසේම මේ වචනය සම්බන්ධයෙන් මැදිහත්වීම සඳහා මෙම ආගමික පරිපාලන අංශයට කිසිදු හේතුවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
&හොට් ඩෝග් කියන වචනය ආවේ ඉංග්‍රීසි භාෂාවෙන්. කරුණාකරලා ලෝකයා හමුවේ මැලේසියාව මෝඩ වගේම බුද්ධිහීන පිරිසක් විදියට පෙන්වන්න එපා* ඔහු පවසයි.
මීට අමතරව මැලේසියාවේ හිටපු අගමැතිවරයෙකු වූ මහතීර් මොහොමඩ්ගේ දියණිය වන සමාජ ක්‍රියාකාරිනී මරීනා මහතීර්ද ඉස්ලාමිය සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙම යෝජනාව දැඩි ලෙස විවේචනයට ලක් කළාය.
මේ අතරම අන්තර්ජාලය සහ සමාජජාල මාධ්‍ය ඔස්සේද මෙම තීරණය විවේචනය කරමින් විවිධ අදහස් පළ වූ අතර, එහි සඳහන් වූ එක් යෝජනාවකට අනුව මැලේසියාවේ සියලුම සුරතල් සතුන් අලෙවි කරන ස්ථාන සුනඛයන් යන්න සොසේජස් ලෙස වෙනස් කිරීම සුදුසු යැයිද පවසා තිබුණි.(WMDJBM)
Reply To:
Name - Reply Comment
0 Comments