Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

කොළඹ මියුසියස් විද්‍යාලයට වසර 125 ක් සපිරීම නිමිත්තෙන් විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය විසින් විශේෂ පා ගමනක් සංවිධානය කර තිබේ.

%Paint the City Blue^ යන තේමාවෙන් සංවිධානය කෙරෙන මෙම ආදි කර්තෘන්ගේ පා ගමන (Founders Walk 2016)මෙම මස 08 වැනිදා පෙරවරු 8.30 ට මියුසියස් විද්‍යාලයෙන්ආරම්භවීමට නියමිතය.

විචිත්‍රවත් සංදර්ශන සමගින් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත මෙම පා ගමන ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙස, පුරහල මධ්‍ය මාවත, විහාර මහාදේවී උද්‍යානය වටා ගමන් කර නිදහස් චතුරශ්‍රය ඔස්සේ බෞද්ධලෝක මාවතට අවතීර්ණවීමට නියමිතය. ඉන් අනතුරුව ලොන්ඩන් පෙදෙස හරහා ගමන් කර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩාංගණයෙන් (CR and FC Grounds) මෙම පාගමන  අවසන් කිරීමට කටයුතු යොදා තිබේ.

එහිදී විශේෂ සැණකෙළියක් පැවැත්වීමටද සංවිධායක මණ්ඩලය සැලසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹ, මියුසියස් විද්‍යාලයීය පරිශ්‍ර‘යේදී පැවැති අතර එහිදී අදහස් දැක්වූ විදුහල්පතිනි එස්.දන්දෙනිය මහත්මිය ප්‍රකාශ කර සිටියේ ලොව පුරා විසිර ඇති මියුසියස් විද්‍යාලයට සම්බන්ධ පාර්ශ්ව එක්රැස් කරගැනීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවයි.

“මියුසියස් විද්‍යාලයට වසර 125 ක් සම්පූර්ණ වන මේ වසරේ 125 වැනි සංවත්සරය සැමරීම සඳහා 2015 නොවැම්බර් 15 වැනිදා සිට විවිධ උත්සව අවස්ථාවන් අපි සංවිධානය කර තිබුණා. ඒ අතුරින් වර්ෂය අවසානයේදී පැවැත්වෙන වැදගත්ම අවස්ථාවක් ලෙස අපි මේ ආදි කර්තෘවරුන්ගේ පා ගමන හඳුන්වනවා.

විද්‍යාලයීය 125 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ අපි සිහිපත් කළයුතු අය තමයි අපේ ආදී කර්තෘවරු. ඒ ආදී කර්තෘවරුන් නොසිටියානම් අද මියුසියස් විද්‍යාලයක් නෑ. බෞද්ධ කාන්තාවන්ගේ අධ්‍යාපනයට අද ලැබෙන තැන ගැන පොඩි සැකයක් පවතිනවා.

ඒ නිසා අපි ඒ අයට කෘතගුණ සැලකීමක් ලෙස අපි මේ පාගමන සංවිධානය කර තිබෙනවා.මේ පා ගමනේ මූලික අරමුණක් තමයි ලංකාව පුරා, ලෝකය පුරා විසිර සිටින ආදි ශිෂ්‍යාවන් සහ වත්මන් පාසල් ශිෂ්‍යාවන්,  එදා ගුරුවරුන්, අද ගුරුවරුන් ආදී මියුසියස් විද්‍යාලය හා සම්බන්ධ සියලුම දෙනා එක්තැන් කර ගැනීමට අවස්ථාවක් සලසා ගැනීම. විද්‍යාලයේ නොයෙකුත් උත්සව විවිධ අවස්ථාවල තිබුණත් ආදි ශිෂ්‍යාවන්ගෙන් සීමිත පිරිසකට තමයි ඒවාට සම්බන්ධ වෙන්න පුළුවන්.

ඒ නිසාම අපි සුපරීක්ෂාකාරීව හිතලා මේ පාගමන සංවිධානය කර තිබෙනවා. එනිසා  විදුහල හා සම්බන්ධ එදා මෙදාතුර සෑම කෙනෙකුටම එක්සත්ව එක්සිත්ව පෙරටුවට ගමන් කරලා එක්තරා විදියක විනෝදාස්වාදයකුත් ලබලා තමන්ගේ විදුහල පිළිබඳව අභිමානයක් දක්වන්න අපි මෙය අවස්ථාවක් කර ගන්නවා * යැයි ඇය මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

AID_9122 AID_9145 AID_9147

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.