Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ළමයින් වෙළඳාම් කටයුතු සඳහා යොදවන පාර්ශවයන් පිළිබඳව යොයා බැලීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ ආවේක්ෂණ (Surveillance) කණ්ඩායමක්  දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව යොදවා තිබේ. 

ළමයින්ගේ, දෙමව්පියන් හෝ භාරකරුවන්ට වුවද ළමයෙකු මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් වෙළඳාමේ යෙදවිය නොහැක. ඇතැම් ස්ථානවල ළමයින් පෙන්වා ඔවුන්ට දරුණු අසනීප ඇති බව පවසා සාමාන්‍ය ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිදුවීම් හා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ළමයින්ව වෙළඳාම් කටයුතු සඳහා යොදවා ගැනීමේ සිදුවීම් පිළිබඳ තොරතුරු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී ඇත. 

ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් මේ පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් යොදවා තිබේ. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව මෙන්ම රටේ පවතින නීතිය අනුවද මෙලෙස ළමයින්ව වෙළඳ කටයුතු සඳහා යොදවා ගැනීම වරදක්වේ. 

එවැනි සිදුවීම් හරහා ළමයාගේ මනසට විශාල වශයෙන් අහිතකර බලපෑම් ගෙනදෙන අතර එවැනි සිදුවීම් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කරන ලෙස ළමා ආරක්ෂණ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.