මුද්දර ප්‍රදර්ශනය ඇරඹේ 12 වැනිදා දක්වා තැපැල් මූලස්ථානයේ දී
- 2017-11-08 15:01:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශයේ 50වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ජාතික මුද්දර ප්‍රදර්ශනය අද(8) තැපැල් ඇමැති එම්.එච්.අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10, තැපැල් මූලස්ථානයේ දී ආරම්භ විය.
ජාතික මුද්දර ප්‍රදර්ශනයට සමගාමීව මුද්දර කාර්යංශයේ 50 වැනි සැමරුම් මුද්දරය නිකුත් කිරීම, අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකාවේ මුද්දර මිලදී ගැනීමේ පහසුකම හඳුන්වාදීම සහ විජය ළමා පුවත්තේ සහයෝගයෙන් පැවැති ජාතික මුද්දර ප්‍රදර්ශන තරගාවලියේ ජයග්‍රාහකයින්ට පදක්කම් සහ සහතික ප්‍රදානයද අද සිදුකෙරිණි.
ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙන මුද්දර ප්‍රදර්ශයට දෙස් විදෙස් මුද්දර එකතු කරන්නනම් රැසක් ද මුද්දර ප්‍රදර්ශනය හා අලෙවි කුටි දමා තිබේ. දිවයේනේ පාසල් මුද්දර සමාජ නියෝනය කරමින්ද ප්‍රදර්ශන අංග ඇතුළත් කර ඇති අතර ස්වාධින මුද්දර එකතු කරන්නම් විසින්ද ප්‍රදර්ශනයට දායකතවය ලබා දී තිබේ. ප්‍රදර්ශනයේ නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය ළමා පුවත්පතයි.ජයග්‍රහකයින්ට ත්‍යාග හා සහතික පත් ප්‍රදානයද මෙදින සිදු කෙරිණ.
Reply To:
Name - Reply Comment
0 Comments