මොංගෝලියානු සංස්කෘතික සතියක්
- 2016-09-20 10:59:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොන්ගෝලියානු සංස්කෘතික සතියක් මෙරට පැවැත්වීමට ශ්‍රීලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය තීරණයකර තිබේ. ඒ අනුව මේ මස 23 දා සිට 29 දා දක්වා දිවයින පුරා නගර කිහිපයක මෙම සංස්කෘතික ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය. සංස්කෘතික සංදර්ශන, ඡායාරූප ප්‍රදර්ශන, අස්පර්ශනීය සංස්කෘතික දැක්මන්ද මේයටතේ ඉදිරිපත්කිරීමට නියමිතය. ඒ අනුව මේ මස 23 දා මහනුවර චන්දානන්ද බෞද්ධ පාසල තුළද, 24 දා කෑගල්ල සණස විශ්වවිශ්වවිද්‍යාලයේදීද 26 දා කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේදී සහ 28 දා නෙළුම්පොකුණ රඟහලේදී මෙම ප්‍රසංග පැවැත්වීමට නියමිතව ඇත.
එමෙන්ම ඡායාරූප සහ අස්පර්ශනීය සංස්කෘතික ප්‍රදර්ශනය මෙමස 26 දා සිට 29 දා දක්වා කොළඹ ජේඩී ඒ පෙරේරා කලාගාරයේදීද පැවැත්වේ.
මේසඳහා 50කුගෙන් සමන්විත මොන්ගෝලියානු සංස්කෘතික කණ්ඩායමක් අනිද්දා (22දා) මෙරටට පැමිණීමට නියමිත අතර මෙවැනි සංස්කෘතික ප්‍රදර්ශනයක් මෙරට පැවැත්වෙන්නේ පළමුවරට බවද ශ්‍රීලංකාවේ චීන සංස්කෘතික ම්‍යස්ථානය පැවසීය.
ශ්‍රීලංකාවේ චීන සංස්කෘතික ම්‍යස්ථානය, මොංගෝලියානූ සංස්කෘතික දෙපාර්තමේන්තුව, මොන්ගෝලියානූ ඡයාරූප ශිල්පීන්ගේ සංගමය යන ආයතන එක්ව මෙම ප්‍රසංග සංවිධානයකර තිබේ. මොංගෝලියාව චීනයේ පිහිටි තුන්වන විශාලතම රාජ්‍යය වන අතර, එහි ජනගහනය මිලියන 25 ක් පමණ වේ.ada.lk
Reply To:
Name - Reply Comment
0 Comments