Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ නිම වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාභාගීත්වයෙන් ජනතා අයිතියට පත්  කෙරිණ. 

2007 වසරේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ කෘෂිකර්ම අමාත්‍ය පදවිය හෙබවූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව 2007 වසරේ ජනවාරි 25 වන දා වැඩ ආරම්භ කරන ලද මුත් විවිධ හේතූන් මත ප්‍රමාද වූ මෙම ව්‍යාපෘතිය  මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසුව නැවත වැඩ ඇරඹූහ. කොන්ක්‍රීට් වේල්ලක්, පස් වේල්ලක් සහ කළු ගල්පිරවූ වේලී තුනක් සහිතව  මෙරට ඇති එකම ජලාශය ද මෙය වේ.

මින්, අක්කර ලක්ෂ 3ක් අලුතින් අස්වද්දා  ලක්ෂ 15කට අධික පිරිසකට සෙත සැලසෙන අතර  ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සැපයේ. මෙය ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයක ව්‍යාප්ත වකුගඩු රෝගය අවම කිරීමට ද හේතුවන බවද විද්‍යාඥයෝ විශ්වා කරති. ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසකි. මෙම ධාරිතාව පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් 6 ගුණයක් බව වාරි ඉංජිනේරුවෝ පවසති. 

මොරගහකන්ද සහ ඒ හා සම්බන්ධ කළුගඟ ව්‍යාපෘතිය යටතේ මධ්‍යම, උතුරු මැද, වයඹ, හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000කට දියවර සැපයෙනු  ඇත. මෙගාවොට් 25 ක ධාරිතාවෙන් යුත් විදුලි බලයක් ජලාශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරේ. 

මොරගහකන්ද ප්‍රධාන වේල්ල මත සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවට  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු සහභාගී වූ අතර එහි ස්ථාපනය කර තිබූ විවෘත කිරීමේ ඵලකය විවෘත කිරීමෙන් අනතුරුව මොරගහකන්ද ජලාශයේ  නිරීක්ෂණය ආරම්භ කළහ.

පසුව මැති  ඇමැතිවරු පිරිවරා ගත් ජනාධිපතිවරයා මොරගහකන්ද වේල්ල මත සවිකොට තිබූ ස්වයංක්‍රීය ස්විචයකින්  එහි වාන් දොරටු පහ විවෘත කරනු ලැබීය.

පසුව පැමිණ සිටි සියලු දෙනා මංගල දිය වරට  මල් ඉසීම සිදු කරනු ලැබූහ. ගුවන් මගින් ද  මල් ඉසීම මෙහිදී විශේෂත්වයක් විය.

මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සිදුකරනු ලැබූ චීන සමාගම විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට ජලාශයේ වැඩ නිමවා භාර දීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබිණි.

මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල ඇමරිකන් ඩොලර් 557.5 කි. මෙම ව්‍යාපෘතිය මගින් කාලාන්තරයක්‌ පුරා ඵලදායී කටයුත්තකට නොගෙන මහ සයුරට ගලාගිය ඝන මීටර් දශ ලක්‌ෂ 818 ක ජලස්‌කන්ධය පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයට අයත් මින්නේරිය, ගිරිතලේ. කවුඩුල්ල, කන්තලේ සහ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට අයත් හුරුළුවැව, තිසාවැව, නුවරවැව, නාච්චාදූව වැව, මහකනදරාව වැව යනාදී ජලාශ මෙන්ම ඉන් පෝෂණය වන ලොකු කුඩා වැව් රැසකට නිකුත් කිරීම ද මෙමගින් සිදුකෙරේ.

අද ජනතා අයිතියට පැවරුණු මොරගහකන්ද ජලාශය මෙරට කීර්තිමත් ඉංජිනේරුවෙකු වූ ඒ.එන්.එස්. කුලසිංහ මහතා නමින් නම් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා යෝජනා කළේය. පොල්ගොල්ල වේල්ල අදල පැවැති මහවැලි ව්‍යාපාරයේ 40 වැනි ජාතික සංවත්සර උළෙලට එක්වෙමන් ජනපතිවරයා ඒ බව පැවසීය.  

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.