මොරගහ කන්දෙන් විදුලියට ජලය මුදා හැරෙයි
- 2017-12-03 14:52:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොරගහකන්ද ජලාශය විදුලි බල උත්පාදනය ස ඳහා ද දායකකර ගනිමින් එහි පරීක්ෂණ කටයුතු සදහා ජලය නිකුත් කිරීම ඊයේ (02දා) දහවල් යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.
පවතින අධික වැසි තත්ත්වයත් සමග මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලිය නිපදවීම සදහා අවශ්‍ය ජල ප්‍රමාණය වන මුහුදු මට්ටමේ සිට මීටර් 178ක ප්‍රමාණය ඊයේ වන විට සම්පූර්ණ වී තිබුණි.
අද දහවල් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා එම කටයුතු නිරීක්ෂණය කළ අතර, අනතුරුව විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීම පරීක්ෂා කිරීම සදහා ජලය නිකුත් කිරීම සිදු කරන ලදී.
නකල්ස් කදු වැටියේ වාරි විශ්මිතය බවට පත්වන මොරගහකන්ද ජලාශය මගින් ගොවී ජනතාවට අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25 ක විදුලි ධාරිතාවක් එක් කරයි.
අද සිට දින 04 ක් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව පැය 72 ක් අඛණ්ඩව විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් විදුලි උත්පාදන කටයුතු පරීක්ෂා කරනු ලැබේ. ඉන් අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25 ක ධාරිතාවක් එක් කිරීමේ විදුලි උත්පාදන කටයුතු ආරම්භ කෙරෙණු ඇත.
ජලයේ අධි පීඩනය මත ක්‍රියාත්මක වන ටර්බයින් යන්ත්‍ර හතරකින් මෙහි විදුලිබලය නිපදවෙන අතර ඒවා මෙගාවොට් 7.5 ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද, මෙගාවොට් 5 ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද සමන්විතය.
මොරගහකන්ද ජලාශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටේ සිට මීටර් 132 ක මට්ටමේ උසකිනි. ජලාශයේ ජල ධාරිතාවය මුහුදු මට්ටමේ සිට මීටර් 165 දක්වා ඉහළ ගිය විට ජල විදුලිබලාගාරය ක්‍රියාත්මක වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 185 ක් දක්වා එනම් උපරිම මට්ටම දක්වා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.
මෙ මගින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 ක් පමණ වේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments