මොරටුව තාක්ෂණික ආයතනයේ ඉදිකිරීම් උසස් අධ්‍යාපන ඇමැතිගේ නිරීක්ෂණයට
- 2017-03-09 09:34:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අමාත්‍යාශයේ මෙහෙයවීමෙන් රුපියල් බිලියන 10.2 වියදමින් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදි කෙරේ. ශිෂ්‍ය සහ ගුරු නේවාසිකාගාරයක් , දේශනශාලා , විද්‍යාගාර , ආසන 1400කින් සමන්විත දේශනශාලාවක් ඇතුළු සියලුම පහසුකම් වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල අන්තර්ජාතික මට්ටමේ ප‍්‍රමිතියට අනුව නිර්මාණය වෙමින් පවතී. නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මේ වසර තුළ නිම කිරීමට සැලසුම් කර ඇත.
මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරම්භ කලේ එක්සත් ජාතික පක්ෂයයි. එම නිසා නිදහස් අධ්‍යාපනය අපි ආරක්ෂා කරනවා. මුලින්ම පෙළපොත් සහ නිල ඇදුම් නොමිලේ සිසු දරුවන්ට ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි. අපේ රජය වයඹ සහ රත්නපුර ප‍්‍රදේශ වල අලුතින් වෛද්‍ය විද්‍යාල දෙකක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. මේවා රාජ්‍ය විශ්ව විද්‍යාල , පෞද්ගලික විශ්වවිද්‍යාල නොවන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා පංති වර්ජනය අවසන් කර නැවත අධ්‍යාපන කටයුතු වලට සහභාගී වන ලෙස. යම් යම් පිරිස් තමන්ගේ දේශපාලන වාසියට මේ විශ්වවිද්‍යාල සිසුන්ව මෙහෙයවනවා. තමන්ගේ වටිනා කාලය අපතේ නොයවා දේශන වලට සහභාගී වන ලෙස අමාත්‍යවරයා විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී.ඒ.ජයසිංහ මහතා ඇතුළු උසස් නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments