Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ප්‍රවෘත්ති ඡායාරූපශිල්පිණියක වන ඡායාරූපකලාවේදී යමුනී රශ්මිකා පෙරේරා ජාත්‍යන්තර EXHIBITION MYSTIC 2017 ඡායාරූප තරඟයෙන් ජාත්‍යන්තරයේ ඇගයීමට පාත්‍රා වූ FIAPරන් සම්මාන දෙකකකින් සහ PSA රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වූවාය.

last_movement2nd International Photo Competition and EXHIBITION MYSTIC 2017 Balkan-Serbia තරඟාවලියට ඇය විසින් ඉදිරිපත් කළ නිර්මාණ සඳහා මෙම විශිෂ්ඨ ජයග්‍රහන හිමි වී තිබේ.

ජාත්‍යන්තර ඡායාරූප තරඟ සහ ප්‍රදර්ශන රැසක සිය ඡායාරූප ජයග්‍රහනය කර තිබෙන යමුනී රශ්මිකා මේ වනවිට රන් පදක්කම් රැසක් රිදී පදක්කම් රැසක් ලෝකඩ පදක්කම් රැසක් මෙන්ම ගෞර්ව සම්මාන රැසක් ලබා ඇත්තීය.

මෙවර 2nd International Photo Competition and EXHIBITION MYSTIC 2017 තරඟාවලියෙන් ජය ලබාගෙන ඇත්තේ ඇය විසින් ඉදිරිපත් කළ Contrast section - Gold PSA Fathers love, Photo Journalism – Open - Gold FIAP Last Moment, Photo Travel – Open - Gold FIAP Life Jump යන ඡයාරූප එකතුවටයි.

අන්තර්ජාතික ඡායාරූප තරඟයකින් එකවර රන් සම්මාන ත්‍රිත්වයක් ජයගත් ශ්‍රී ලංකාවේ පළමු ඡායාරූපකාලවේදිනිය වන්නේ ද යමුනී රශ්මිකා පෙරේරා ය.ඇය ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මමේලනයෙන් පිදෙන FIAPසම්මනය හිමිකරගත් පළමු ශ්‍රී ලාංකික කාන්තා ඡායාරූප ශිල්පිණිය ද වන්නීය.යමුනී රශ්මිකා පෙරේරා ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවක් ද  වන අතර ඇය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියි.

(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.