Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

පවතින නියන්තත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ සතුන්හට වතුර දැමීම සදහා යම් තරමකට ජලය රැදුණු ස්ථානයක් ජලය පිරවීමට හැරීමට යාමේදී ඒ තුල තිබී වසර 5000 කට වඩා පැරණි සත්ව කොටස් හමුවූ බව වාර්තාවේ .

  යාල ජාතික  වනෝද්‍යානයේ ඇති මෙම වැල් මල් කෙම ලෙස හදුන්වනු ලබන ගල්කෙම අඩි 50ක් පමණ දිගකින් හා අඩි 30ක් පමණ ගැබුරු තැනක් වේ මෙම ගල් ගේම දරුණු නියන්සමයකදී පවා නොසිදෙන බව යාල වනෝද්‍යානයේ සටින වනජීවී නිලධාරින් පවසා සිටින්නේ .

   මෙම ගල්කෙම තුල  තවත් වතුර වැඩි දාරිතාවයක් තබාගැනීම සදහා පසුගිය දිනකදී වනජීවී නිලධාරින් විසින් එහි පතුල බැකෝ දමා සුද්දකරමින් සිටින අවස්ථාවකදී එහි පතුලේ තිබී සත්ව ඇටසැකිලි විශාල ප්‍රමානයක් හමුවී තිබේ .

 පසුව මේ අකාරයෙන් ගොඩගන්නාලද සත්ව ඇට සැකිලි කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා  පශ්චාත් උපාධි ආයතනය මගින් සිදුකර කරන ලද පරික්ෂා කිරීමේදී සෑහෙන් කාලයක් තිස්සේ මියගිය සතුන්ගේ සත්ව ඇටසැකිලි එහි තිබී හමු වූ බව කැලණිය විශ්ව විද්‍යාලයේ පුරා සත්ව විශේෂඥය කැලුම් මනමේන්ද්‍ර පවසා සිටි .

  මෙවැනිම ආකාරයේ ගල්කෙමක් තුල තිබී  2005 වසරේදී තණමල්විල ස්රිනන්දන පුර ප්‍රදේශයෙන් ද හමුවූ බවත් එහි තිබී අලි සියයකට වැඩි (100) තිත්මුවන් එකසිය පනහකට (150) වැඩි කුළුහරක්  150 කට වැඩි සහ ගොන්නු ඇතුළු සතුන් සෑහෙන ප්‍රමාණයක සතුන්ගේ ඇට සැකිලි ලොරි හතරක පමණ ප්‍රමාණයක්  හමුවුබව ද කැලණිය විශ්ව විද්‍යාලයේ පුරා සත්ව විශේෂඥය කැලුම් මනමේන්ද්‍ර පවසා සිටි .

  වැල් මල් කේමද එවැනි ආකාරයේ වැදගත් එකක්බවත් පුරාසත්ව විද්‍යාව යන විෂය පථයට ඉතා වැදගත් එකක් බවත් ඉදිරියේදී තවදුරටත් මෙහි පර්යේෂණ කටයුතු සිදුකරන්බවත් ඔහු ප්‍රකාශ කර සිටියහ .

යාල වැල් මල් කෙම තුලින් හමුවූ සත්ව ඇට කටු අතර වැඩිපුරම හමුවුයේ කුළුහරක් ගේ වේ .දැනට ජාතික වනෝද්‍යාන තුල සිටින කුළුහරක් ලෙස හදුන්වනු ලබන හැමෝම කුළුහරක් නොවෙන අතර එම සතුන් බොහොමයක් ගම්මානවලසිට කැලේට වැදුණු මිරහක්වේ .කුළු හරක් හා මි හරකා වෙන්කොට  හදුනාගැනීම සදහා යොදාගනු ලබන්නේ අග බවයි  පුරා සත්ව විශේෂඥය කැලුම් මනමේන්ද්‍ර පෙන්වාදෙන්නේ .

කුළු හරකාගේ  අග හිසට සම්බන්ධ වෙන ස්ථානය හුගක් පළල් වේ මි හරකාගේ අග හිසට සම්බන්ධ වන ස්ථානය හුගක් පටුවේ මේ වනවිට යාල ජාතික වනෝද්‍යානයේ දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙන්  ගම්මානවලසිට කැලේට වැදුණු මිරහක්වේන මුත් වැල් මල් කෙමින් හමුවූ ස්ථානයෙන් හමු වූ ඇට කටු අතර කුලුහරක්ගේ ඇට සැකලි දක්නට ලැබුණි .

මේ අනුඑව පුරාන පරිසරය තුල කුලුහරක්ගේ ප්‍රමාණය වැඩි බව මෙයින් අනාවරණය වී තිබේ .එමෙන්ම මේ තුලින් හමුවූ බොහෝ සත්ව ඇටසැකිලි පොසිල බවට පත්වී තිබීම නිසා මෙම සත්ව ඇටසැකිලි මෙයින්වසර  1000 ට  හෝ 5000 වැඩි බවයි සත්ව විශේෂඥය කැලුම් මනමේන්ද්‍ර පෙන්වාදෙන්නේ.

යාල වනෝද්‍යානයේ  අඩි 30 ක් පමණ ගැබුරු  වල්මල් කෙමෙ මේවනවිට හාරා ඇත්තේ ඇත්තේ අඩි 15 පමණ වේ .ඒ ආකාරයෙන්ම තවත් අඩි 10 ක පමණ තැන්පතුවක් හැරීමට තිබේ .එහි යටම පරික්ශාකිරිමේදී මිට වසර අසුදාහක් (80000) ලක්ෂයක් (100000) ප්‍රථම ලංකාවේ ජීවත්වූ දැනට වදවී සිටින කගවෙනා නැත්නම් රයිනෝසිරස් ,ගවරා නැත්නම් හිපපොටේමස් වදවී ගිය අලි වෙඅනි සතුන්ගේ අවශේෂ කොටස්ද මේ තුලින් හමුවීමට හැකි බව පුරා සත්ව විශේෂඥය කැලුම් මනමේන්ද්‍ර පවසයි .

  රයිනෝ සිරස්ගේ ශරීර කොටස් මිට පෙර යාල වනෝද්‍යානයේ පලටුපාන ප්‍රදේශයෙන්ද හමුවී තිබේ

   පුරා ජෛව විවිදත්ව සංරක්ෂණය යේ ප්‍රයෝජනය වර්තමාන හා අනාගත පරපුර උදෙසා ලැබෙන අයුරින් එහි තිරශාර බාවිතය වර්ධනය කරන අතර තුර  ජෛව විවිදත්ව සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරින් , වනෝද්‍යාන යන්හි මගපෙන්වන්නන් ,ඇතුළු නිලධාරීන්  පුරා ජෛව විවිදත්වය පිළිබධ දැනුවත් කර සංචාරකයින් හට ඒ සම්බන්ධයෙන් මගපෙන්වීම සිදුකරිම මෙහි අරමුනයි.

මිට පෙර  බූන්දල  පතිරාජවෙල ප්‍රදේශයේ සිදුකල පර්යේෂණ තුලින්  අදින් වසර 125000 ක් තරම් ඈත අතීතයට විහිදුනු පැරණි මානව වාසස්ථානයක් හා  අදින් වසර 125000 කට එපිට ජීවත්වූ මානවයා භාවිතා කල ශිලා මෙවලම් සොයාගෙන තිබෙන තර   එම ශිලා මෙවලම් මාධ්‍ය පුරාණ ශිලා යුගයට අයත් බව පර්යේෂණ මගින් තහවූ වී තිබෙන බව පරිසර සහ ස්වාභාවික සම්පත් අමාත්‍යංශය පෙන්වා දෙයි .

මෙම පුරාවිද්‍යා  පරියේෂණය කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පස්චාත් උපාදි ආයතනයේ මහාචාර්ය ගාමිණි අදිකාරී මහතාගේ ප්‍රධානත්වයෙන් පුර  ජෛව විවිධත්වය පිළිබද ඩිප්ලෝමා පාටමාලාව හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් විසින් සිදුකර තිබේ (අද පුවත්පත)

Bones site Team Working (2)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.