යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය දෙසැම්බර්
- 2016-11-07 01:40:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාව මෙහෙයවනු ලබන යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය දෙසැම්බර් මස පැවැත්වීමට කටයුතු යොදා තිබේ. දිවයිනේ සියලු යෞවන සමාජ සමාජික සමාජිකාවන්ට යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයට ජන්ද ප්‍රකාශ කිරීමේ බලය හිමිවේ.
සිව්වැනි යොවුන් පාර්ලිමේන්තුව සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම මේ වන විට අවසන් කර තිබෙන බව තරුණ සේවා සභාව සඳහන් කරයි. 2016 /2017 ඡන්දහිමි නාමලේඛනයට තම නම ඇතුළත් ව ඇත්දැයි පරීක්ෂා කිරීමට යෞවන සමාජ සමාජික සමාජිකයන් හට අවස්ථාව සැලසේ. මෙම සේවාව නොවැම්බර් 10දා දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ සේවා නිලධාරිවරයා හමුව ඡන්දහිමි නාමලේඛනය පරීක්ෂා කළ හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments