රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි
- 2016-12-27 17:36:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රෝගාතුර වී රෝහල් ගතකොට සිටි හිටපු අගමැතිවරයෙකු වූ රත්නසිරි වික්‍රමනායක මහතා සුළු වෙලාවකට පෙර අභාවප්‍රාත්ත වී තිබේ.මියයන විට ඒ මහතා 83 වියේ පසුවිය. රත්නසිරි වික්‍රමනායක මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකුද වෙයි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතාගේ පියාද වෙනවා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩුවේ අවස්ථා දෙකකදී හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ එක් අවස්ථාවකදී ඔහු අගමැතිධුරය දැරීය. මිල්ලෑව ප්‍රාථමික විදුහල, පන්නිපිටිය ධර්මපාල විදුහල, යාපනය හාර්ට්ලි විදුහල හා කොළඹ ආනන්ද විදුහලේ ආදිශිෂ්‍යෙයකු වෙයි.
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය හෙට (28දා) පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතය. එසේම ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතූ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමටත් රජය තීරණය කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments