Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රත්මලාන ගුවන්තොටුපොළ පුළුල් කරමින් සිවිල් ගුවන් සේවා කටයුතු සඳහා යොදාගැනීමට රජයේ අවධානය යොමු ව ඇත.

ඒ අනුව ගුවන්තොටුපොළේ ධාවන පථයට දකුණු ප්‍රදේශයේ පවතින අක්කර 25ක පමණ භූමි ප්‍රමාණයක් සිවිල් ගුවන්සේවා කටයුතු සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබේ. එම භූමි ප්‍රමාණයෙහි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ කොටස් එම හමුදාවේ එකඟතාව ඇතිව, ගුවන්තොටුපොළේ උතුරු පරිශ්‍රයෙහි ප්‍රතිස්ථාපනය කිරීම ද සැලසුම් කොට ඇත.

මීටර 1860ක දිගකින් හා මීටර 45ක පළලකින් යුත් ධාවන පථයක් මෙම ගුවන්තොටුපොළ සතු වන අතර, එහි බිම් වපසරිය අක්කර 460ක් වේ. කොළඹ නගරයට ඉතා ආසන්නව පවතින මෙම ගුවන්තොටුපොළේ සිවිල් ගුවන් මෙහෙයුම් කටයුතු ප්‍රවර්ධනය කිරීම මඟින් විශාල ප්‍රතිලාභයක් ලබාගැනීමේ හැකියාව පවතින නමුත්, එම කටයුතු පුළුල් කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම ගැටලුවක්ව පවතී. 

1938 වර්ෂයේදී පිහිටුවන ලද රත්මලාන ගුවන්තොටුපොළ වාණිජ සිවිල් ගුවන් යානා මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පළමු ගුවන්තොටුපොළ වන අතර, 1969 වර්ෂයේදී කටුනායක ගුවන්තොටුපොළ විවෘත කරනු ලබන තෙක් දේශීය හා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා ද මෙම ගුවන්තොටුපොළ භාවිත කරන ලදී.

(රජයේ නිල පුවත් සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.