Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙරට නිල සංචාරයන් සඳහා විදෙස්  රාජ්‍ය නායකයින් දෙදෙනෙකු ලබන සතියේදී දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඉන්දුනීසියා ජනාධිපති ජෝ විඩෝඩෝ මහතා සහ සිංගප්පූරු අගමැති ලී සියෑන් ලු යන මහත්වරුන්ය. ලබන 22 වැනිදා සිංගප්පූරු අගමැතිවරයා දිවයිනට පැමිණෙන අතර ඉන්දුනීසියා ජනාධිපතිවරයා ලබන 25 වැනිදා පැමිණීමට නියමිතය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයක් අනුව මෙම රාජ්‍ය නායකයින් දෙපළම මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. ද්විපාර්ශික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන්  පැමිණෙන දෙරටේ රාජ්‍ය නායකයින් මෙම   සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සහ රජයේ ඇමතිවරුන් හමුවීමට නියමිතය. සිංගප්පූරු අගමැතිවරයාගේ මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ  සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇත. මේ අතර ලැටීවියාවේ ජනාධිපති රයිමන්ඩ්ස් වෙයෝනිස් මහතා සහ එම ජනපති ආර්යා ඉයොටා වෙයෝනිස් මහත්මිය මේ දිනවල ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරතවන අතර ඔවුන් හෙට (16) සිය රට බලා පිටත්ව යන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.