රාජ්‍ය වෙසක් උත්සවය බිංගිරිය දේවගිරි විහාරයේ දි
- 2018-03-06 12:33:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දැමුණු සිත සුව ගෙන දේ යන තේමාව මුල්කරගෙන පැවැත්වෙන මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන්කු රුණෑගල දිස්ත්‍රික්කයේ වැඩසටහන් රාශියක් පැවැත්විමට කටයුතු යොදා ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 30 ම ආවරණය වන පරිදි ප්‍රත්‍යෙව්ක්ෂා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් මාලාව මෙහි ප්‍රධාන තැනක් ගනියි.
අධ්‍යාත්මික සංවර්ධන ළමා වැඩසටහන් ,යොවුන් වැඩසටහන් හා භාවනා වැඩසටහන් මෙහිදි පැවැත් වේ. මෙම වැඩසටහන් 150 දිස්ත්‍රික්කය පුරා පැවැත්වෙන අතර ගමයි පන්සලයි සම්බන්ධ කරන දීර්ඝකාලින වැඩසටහනක් ලෙස පවත්වාගෙන යාම බලාපොරොත්තු වේ.
දහම්පාසල් සිසුන් තුළ නායකත්ව ගුණාංග වර්ධනය කිරිම සදහා දහම්පාසල් තුළ කල්‍යාණ මිත්‍ර සංසද ඇති කිරිම සෞඛ්‍ය හා බුදු දහම යන තේමාව යටතේ පාරම්පරික වි දේශිය ආහාර වලට හුරුවිම භාවනාව යන ක්‍රම මගින් සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකර ගැනිම සදහා දැන්වත් කිරිමේ වැඩසටහනක් ද මේ යටතේ සිදු කෙරේ. සත්කෝරළයේ පෞරාණික රජමහා විහාර පිළිබද විස්තර ඇතුළත් විහාර වංශය රචනා කිරිම සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම සංස්කෘතික ප්‍රදර්ශන වෙසක්ප හන් කූඩු බෞද්ධ නාට්‍ය භක්තිගිත ගායනා පැවැත්විම සිදු කෙරේ.
වෘත්තිකයන් සදහා බුදු දහම තේමාව කරගෙන අල්ලස හ දූෂණය පිටු දැකිම රැකියාවෙන් තෘප්තිය ලබන ආකාරය පිළිබද ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සහ පෞද්ගලික ආයතනවල දැන්වත්කි රිමේ වැඩසටහන් පැවැත්විම තිරසර පරිසරයක් සදහා බුදු දහම යන තේමාව යටතේ දහම්පාසල්ද රුවන් සම්බන්ධ කරගෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම බුදුපුත් මාපිය නිවාස වැඩසටහන , කල්‍යාණ මිත්‍ර සංසදහ පිහිටුවිම විහාරස්ථාවල ශාසනාරක්ෂක බල මණ්ඩල පිහිටුවිම ආදි වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments