.
2017 වට්ටාරම රජමහා විහාරස්ථාපනයේ දී පැවැත්වීමට නියමිත රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කුල දරුවන් 500ක් පැවැදි කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශය කටයුතු යොදා ඇත. ඒ අනුව 2017 ජනවාරි මාසයේ සිට ඉදිරි මාස 06තුළ එම කුල දරුවන් පැවැදි කිරීම සිදු කෙරේ. එසේම මෙම කුල දරුවන්ගේ දෙමාපියන් හට නිවාස තනාදීමේ හා දඹදිව චාරිකා කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරෙන අතර බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් දෙමවුපියන් වෙත විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීමට ද කටයුතු කෙරේ. මෙසේ ලබාදෙන හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් ආරෝග්‍ය ශාලාවලින් නොමිලේ ඖෂධ ලබාගැනීම ආදී තවත් වරප්‍රසාද රැසක් හඳුන්වාදීමට නියමිතව ඇත.