රාජ්‍ය සංගීත සම්මාන 2018 - වසරේ ප්‍රශස්ත ළමා ගායන ශිල්පිනිය හේමමාලි බාලිකාවේ මයුමි
- 2019-07-26 09:18:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කරනු ලබන රාජ්‍ය සංගීත සම්මාන 2018 වසරේ ප්‍රශස්ත ළමා ගායන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමට මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ මයුමි අයෝධ්‍යා රණසිංහ දියණිය සමත්වූවාය.
ඇය කුඩා කල පටන් ගායන හා නර්තන කණ්ඩායම් නියෝජනය කරමින් සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් දිනා ගැනීමට සමත්ව අැති අතර, සංගීතය, නර්තනයට මෙන්ම චිත්‍ර නිර්මාණයටද ඇය එකසේ දස්කම් දක්වන අතර තම සෞන්දර්යය විෂය ලෙස තෝරා ගෙන ඇත්තේ චිත්‍ර විෂයයි.
ඇය 2015 වසරේ මුල් වරට රාජ්‍ය සංගීත සම්මාන උලෙළ සඳහා සිය නිර්මාණයක් ඉදිරිපත් කොට එහිදී රාජ්‍ය සම්මානය සඳහා නිර්දේශ ලැබුවාය. ශ්‍රී ලංකා ගුවන් විදුලියේ කඳුරට සේවය තුළින් හා ජාතික ගුවන් විදුලිය තුළින් සිය ගායන දක්ෂතා පෙන්වන ඇය අද වන විට ළමා ගායිකාවක් ලෙස හා බී ශ්‍රේණියේ සරල ගී ශිල්පිනියක් වශයෙන්ද කටයුතු කරයි.
(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
Reply To:
Name - Reply Comment
0 Comments