රිජ්වේ ආර්යා රෝහලේ හෘද ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ඇරඹේ
- 2017-10-02 15:24:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීමට යෝජිත හෘද ප්‍රතිකාර සහ දැඩි සත්කාර රෝගී සේවා වාට්ටු සංකීර්ණය ඉදිකිරීම් කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02දා) පෙරවරුවේ ආරම්භ විය.
කුඩා ළමුන්ගේ හෘදරෝග ප්‍රතිකාර සහ දැඩි සත්කාර රෝගී සේවා වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ 'පුංචි හදවත්' ව්‍යාපෘතිය තුළින් ලැබුණු මහජන දායකත්වයෙන් මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට නියමිතවේ.
මේ අවස්ථාවට ''පුංචි හදවත්'' ව්‍යාපෘතියේ අනුශාසක පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, රෝහල් අධ්‍යක්ෂ ඩබ්.කේ. වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුඑ පිරිසක් එක්ව සිටියහ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments