රුසියාවේ නඩේස්ඩා කොළඹට එයි
- 2017-06-14 16:29:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රුසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘නඩේස්ඩා’ නෞකාවසුහද සංචාරයක් සඳහා අද (14දා) කොළඹ වරායට සේන්දු විය. නෞකාව එළඹෙන 17 වැනිදා තෙක් දිවයිනේ රැඳී සිටීමට නියමිතය.
එම කාලසීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රුසියානු නාවික හමුදාව කටයුතු කර තිබේ.
නෞකාවේ කාර්යිමණ්ඩලය විසින් ඡායාරූප ශිල්පය පිළිබඳ ප්‍රදර්ශනයක්ද සංවිධානය කර තිබේ. එය ශ්‍රීලංකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවා මහතා විසින් විවෘත කිරීමට නියමිතය.
එසේම ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල, රුසියානු ආරක්ෂක උපදේශක කර්නල් දිමිත්‍රි ඒ මිකායිලොවිස්කි යන මහත්වරුන් සහ තවත් නිලධාරීන් මේ සඳහා සහභාගි වීමට නියමිතය.
නෞකාව මෙරට රැඳී සිටින කාලය තුළදී එනම් අද (15දා), හෙට(16දා)සහඅනිද්දා (17දා) පාසල් සිසු සිසුවියන් සඳහා එය විවෘත කිරීමට නියමිතය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සහ ක්‍රීඩා ඉසව් සඳහාද මෙම නෞකා කාර්යමණ්ඩලය සහභාගි වීමට නියමිතය.
මීට වසර 200කට පමණ පෙර රුසියානු නාවිකයන් වන ඉවාන් කෲසෙන්ෂ්ටර්න් සහ යූරි ලිසියෑන්ස්කිගේ නායකත්වය යටතේ ලොව වටා සංචාරය කළ ‘නඩේස්ඩා’ නෞකාව සිහිවීම පිණිස, එම නමින්ම කුඹ ගස් තුනකින් සමන්විතව නෞකාව ඉදිකර ඇති බව නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments